මම අශේන්ට කැමති වුනේ ඔහු මගේ අප්පච්චි තරුණ කාලේ වගේම නිසා, ළඟදීම අපි විවාහ වෙනවා-මනීෂා චංචලා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියලා කියන්නේ. ඒ වගේම පුංචි තිරයේ ආදරවන්තිය වුණ ඇය මේ වනවිට සැබෑ ජීවිතයෙත් පෙම්වතියක්. ඉතින් ඇයගේ හිතගත් පෙම්වතා රංගන ශිල්පී අශේන් සිරිවර්ධන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරේ ගැන වගේම අලුත්ම තොරතුරු ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
මේ දවස් වල දෙරණ නාළිකාවේ විකාශය වන ‘අපි එක රෑනේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යන නිසා වගේම සංගීත විශාරද විභාගයේ පාඩම් වැඩ කටයුතු එක්කත් පසුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේ ආදරණිය පෙම්වතා වන අශේන් සිරිවර්ධන ජනප්‍රිය කරාතේ ගුරුවරයෙක් රංගන ක්ෂේත්‍රයෙත් කැපී පෙනෙන රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි.

ඒ වගේම මේ දෙන්න මුණගැහිලා තියෙන්නේ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ගුග්ලි’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඔවුන් දෙන්නා හොඳ යාළුවෝ වෙන්නෙත් ටෙලිනාට්‍ය අවසන් වෙන්න ළං වෙලා කියලයි මනීෂා කියන්නේ. ඊට පස්සේ ටික කාලයක් හොඳ යාළුවෝ වෙලා ඉන්නකොට ඇයට ඔහුව මුණගැහිලා තියෙන්නේ ආදරණීය හේතුවක් නිසා කියලා තේරුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් රංගන ක්ෂේත්‍රයන්ම පෙම්වතාව තෝර ගන්න මුල් කාලයේ බලාපොරොත්තුවක් තිබුණේම නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් පසුකාලීනව දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණොත් තේරුම් ගැනීම පැත්තෙන් රැකියාව වගේම ජීවිතෙත් පහසු වෙයි කියලා හිතුනා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඉස්සර ඉදන්ම ඇයගේ යටි හිතේ තිබුණ පුංචි දෙයක් තමයිලු ඇයගේ පෙම්වතා රූපයෙන් ඇයගේ අප්පච්චි වගේ වුණා නම් හොඳයි කියලා. ඉතින් අද ඒක ඇත්තක් වෙලා තියෙනවා කියලයි මනීෂා නම් කියන්නේ. මොකද අශේන් ඇයගේ අප්පච්චි තරුණ කාලයේ වගේම නිසා. ඉතින් මවුපියන්ට ආදරය කරන, පොළවේ පය ගහලා ඉන්න අවංක චරිතයක්, බොරු ආටෝප නැති, මානුෂීය හැඟීම් තියෙන හරිම සාමාන්‍ය මනුස්සයෙක් තමයිලු ඇය බලාපොරොත්තු වුණේ.
ඒ වගේම අශේන්ව ඇය මුලින්ම දකින්නේ මවුපියන්ට හරිම ආදරය කරන, ගෞරව කරන කෙනෙක් විදිහට කියලයි ඇය කියන්නේ. ඉතින් තමන්ගේ මවුපියන්ට ආදරය, ගෞරවය කරන්න දන්නේ නැති කෙනෙක් තව කෙනෙක්ට ආදරය ගෞරවය කරන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම අශේන් කියන්නේ හරිම අහිංසක, ඉවසිලිමත්, බුද්ධිමත් චරිතයක් කියලයි මනීෂා කියන්නේ.

කොහොම නමුත් රුපය කියන්නේ හරිම අස්ථීර දෙයක් නිසා ඒ ගැන ඇය චුට්ටක්වත් හිතන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් රූපය නෙමෙයි, හිතන පතන විදිහයි ලස්සන සහ ප්‍රියමනාප විය යුත්තේ කියලයි ඇය කියන්නේ. නමුත් ඇයගේ වාසනාවට අශේන්ගේ හදවතයි රූපයයි දෙකම එක වගේ ලස්සනයි කියලත් මනීෂා කියනවා. ඒ වගේම ඉක්මණින්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.