මනීෂව මුණ ගැහෙන එක මට ඉස්සර ඉදන්ම හීනයක් වෙලා තිබුණා, නමුත් දැන් ඇය මගේ මුළු ජීවිතේම වෙලා-අශේන් සිරිවර්ධන
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන දිව්‍යාදරී ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි අශේන් සිරිවර්ධන කියලා කියන්නේ. ඒ වගේම ඔහු විවාහ වෙන්න ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මනීෂා චංචලා සමඟ කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් අශේන්ව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් වෙළඳ දැන්වීමක් හරහා තමයි ඔහු මුලින්ම කළා ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ තමයි ඔහු ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට සිරස නාළිකාවේ විකාශය වුන ‘රැස්’ ටෙලිනාට්‍ය එක්ක සම්බන්ධ වෙන්නේ. ඒත් එක්කම හිරු නාළිකාවේ විකාශය වුණු ‘අහස් මාළිගා’ ටෙලිනාට්‍යයේ ‘තේජාන්’ කියන ප්‍රධාන චරිතය නිරුපණය කරන්න අවස්ථාව ලැබුණා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ පටන්ගත්ත ගමන අද සාර්ථකව පියවරෙන් පියවර ඉදිරියට යමින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ.
කොහොම නමුත් ඔහු රංගන ශිල්පියෙක් නොවුණා නම් අද ගුවන් නියමුවෙක් විදිහට කටයුතු කරන්න තිබුණා කියලත් අශේන් කියනවා. මොකද ඒ දේ වෙනුවෙන් ඔහුට ඉස්සර ඉදලාම තිබිලා තියෙන්නේ ලොකු කැමැත්තක්. කොහොම නමුත් දැන් ඔහු රංගන ශිල්පියෙක් වෙන හීනය හැබෑ කරගෙන තියෙනවා වගේම සටන් ශිල්පය පිළිබඳ ගුරුවරයෙක් වශයෙනුත් කටයුතු කරගෙන යනවා.

ඒ වගේම ඔහු මුලින්ම මනීෂව ටෙලිවිෂනයෙන් දකින අවස්ථාවේ ක්ෂේත්‍රයට එන එක ඔහුට හීනයක් වෙලා තිබුණා කියලත් අශේන් කියනවා. ඉතින් ඔහු හිතුවාලු රඟපාන්න ගිය කාලේක එක දවසක එක තත්පරයකට හරි මනීෂාව මුණගැහෙනවා කියලා. ඒ වගේම ක්ෂේත්‍රයට ඇවිල්ලත් ඔහුට ඇයව මුණගැසුනේ අවුරුදු කිහිපයක් ගිහින් නිසා ඒක හීනයක් වගේ කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ගුග්ලි’ ටෙලි නාට්‍යයේ ඔහුගේ පෙම්වතියට ඉන්නේ මනීෂා කියද්දි ඔහුට ඇත්තටම කියාගන්න බැරි සතුටක් දැනුණාලු. ඒ වගේම රූගත කිරීම්වලදී ඇයව මුණගැසුණ වෙලාවේ ඔහුට තේරුණාලු ඇය බොහෝම සුන්දර චරිතයක් කියලා. ඉතින් ඒ දවස් වල හොඳ යාළුවෝ වුණාට අද වෙනකොට ඇය ඔහුගේ මුළු ලෝකෙම වෙලා කියලත් අශේන් කියනවා.

ඒ වගේම ඇය බොහෝම සාමාන්‍යයි වගේම, අවංක, ආදරණීය කෙනෙක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම අද වෙනකොට ඔහුගේ ජීවිතේ ඇතුළෙත් බොහෝමයක් දේවල් ඇය නිසා හරිම පිළිවෙළින් සිදු කරනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඇය හරිම පිරිසිදු කෙනෙක් නිසා ගෙදර දොර වුණත් හරිම පිළිවෙලට තියාගන්න ඇය හරිම කැමති කෙනෙක්ලු. ඒ වගේම ඇය ඔහුට ගොඩක් ගෞරව කරනවා වගේම නිතරම ඔහුගෙන් ආරක්ෂාව, අවධානය ඇය බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.