මම පේන්න නොහිටියත් මට ලෙඩක් දුකක් අසනීපයක් නැහැ, මුණුබුරු මිණිබිරියන් එක්ක සතුටින් නිදහසේ ඉන්නවා-අයිරාංගනී සේරසිංහ මහත්මිය
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි අයිරාංගනී සේරසිංහ මහත්මිය කියලා කියන්නේ. ඒ වගේම යශෝරාවය, දූ දරුවෝ, ගම්පෙරළිය වැනි ටෙලි නාට්‍ය නිසා ඇයට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඉතින් ඇය අද කළා ක්ෂේත්‍රය තුල අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියයි. තවත් විටෙක පරිසරයට පන මෙන් ආදරය කරන පරිසරවේදිනියකි. ඒ පදවි තානාන්තරවලින් ඔබ්බට අප සැමට එදා මෙන් අදත් ආදරණීය කරුණාබර සෙනෙහෙවන්ත මාතාවකි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් මාධ්‍යවලට කතා කරන්නේ නැත්තේ වයස නිසා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය නිතර ම ඇඳේ වැතිරිලා තමයිලු ඉන්නේ. ඒක ඇඟට පහසුයි කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයට ලෙඩක්, දුකක්, අසනීපයක් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් මුණුබුරු මිණිබිරියන් එක්ක සතුටින්, නිදහසේ ඉන්නවාලු. හැබැයි ඇයට සමහර දේවල් දැන් හරියට මතකත් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම වයසට ගිහිල්ලත් තවම සම්මාන ලැබෙන නිසා ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා.

ඉතින් 1927 ජුනි මස 09 වැනිදා රත්නපුර, රුවන්වැල්ලේ, මුදුගොමුවේ, මීදෙණිය වලව්වේ ඇය උපන් ඇය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට නෑකමින් නැන්දා ද වෙන්වා. ඒ වගේම ඇය වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙන්නේ පාසලේදී යි. ඉතින් ඇය රඟපාන්න ඉගෙන ගත්තේ ගමේ මිනිස්සු කතා කරන, සිනහාවෙන, අඬන, බනින විදිහ දැකලා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම පුංචි කාලේ ඉඳලාම ඇය නටන්නත් හරි කැමතියිලු. ඉතින් මොනතරම් දක්ෂතා තිබුණත් අද කාලේ වගේ ගෑනු ළමයින්ට නටන්න ඒ කාලේ ඉඩක් නිදහසක් ලැබුණේ නැහැ කියලත් ඇය කියනවා.
ඒ වගේම මුල් කාලීනව ඉංග්‍රීසි වේදිකා නාට්‍ය රංගනයෙහි නිරත වූ ඇයට එකී නාට්‍යවල රඟපෑ වින්ස්ටන් සේරසිංහ හමුවීමෙන් ඔහු සමග විවාහ විය. ඒ ඇයගේ දෙවැනි විවාහය යි. ඉතින් වින්ස්ටන් සහ ඇයගේ අතර අවුරුදු 17ක වයස් පරතරයක් තිබුණා කියලයි ඇය කියන්නේ. නමුත් ඔහු හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක් වගේ ම ඇයගේ දරුවන්ට හොඳ පියෙක් වුණා කියලත් ඇය කියනවා. ඉතින් මේ අයිරාංගනී, වින්ස්ටන් යුවලට පුතුන් දෙදෙනෙක් හිටියා. ඒ රවි සහ රංජිත්. කොහොම නමුත් රවි පුතු තරුණ වියේදී ම රිය අනතුරකින් ජීවිතයෙන් සමු ගත්තා. රංජිත් පුතු සහ පවුලේ සැම අදටත් ඇයගේ දුක සැප සොයා බලමින් ඇය ව නිරෝගීව රැක බලා ගන්නට වෙහෙසෙනවා.

ඒ වගේම වර්ෂ 1999 දී වින්ස්ටන් ද සදහට ම දෙනෙත් පියා ගැනීමද ශෝකයට කාරණයක්. කොහොම නමුත් අයිරාංගනී සේරසිංහ මහත්මියට පසුගිය පෙබරවාරි 10 වැනි දා කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලද විශේෂ ඇගයුම් සම්මාන උළෙලේදී ද ජීවිතයේ එක් වරක් පිදෙන ගෞරව සම්මානය ඇයට පරිනැමිණි. ඉතින් සිනමා සම්මාන 16කට වැඩි සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති ඇය සිනමා නිර්මාණ 50කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. ඒත් එක්කම ඇය රඟපෑ ටෙලි නිර්මාණ සංඛ්‍යාව ද විශාලයි.