Watapita

Just another WordPress site

මම එංගලන්තයේ ජීවත් වෙන්න ආවේ කැමැත්තෙන් නෙමෙයි, දරුවන්ගේ අනාගතේ ගැන හිතලා-අයෝමි ශානිකා

දැන්නම් කළා නිර්මාණ තුලින් දකින්න නොලැබුනත් අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි අයෝමි ශානිකා ගමගේ කියලා කියන්නේ. ඒ වගේම රංගනයෙන් ඈත් වෙලා වසර ගණනාවක් ගත වුණත් තවමත් ඇයට හැමෝම වගේ කතා කරන්නේ සුදු නංගි කියලා. කොහොම නමුත් මේ වෙද්දී ඇය ජීවත් වෙන්නේ එංගලන්තයේ. ඉතින් පහුගිය කාලයේ ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කළ ඈ එංගලන්තයට යන්නෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවකටමයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයත් ඇයගේ පවුලේ අයත් දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ වුනත් ඇය මේ ගමන කැමැත්තකින් ආව ගමනක් නෙමෙයි කියලයි අයෝමි නම් කියන්නේ. මොකද දරුවන්ගේ යහපත ගැන හිතලා තමයි ඇය මේ ගමන ගිහින් තියෙන්නේ. ඒ වගේම ඇය ලංකාවට හරි ආදරෙයි කියලත් නයෝමි කියනවා. නමුත් හිතාමතාම ගිනි ගොඩට පනින්න බැරි නිසා වගේම රටට ආදරයක් තිබ්බ නිසා මෙච්චර කාලයක් ඉවසගෙන හිටියත් බැරිම තැන රට අත්හැරලා එංගලන්තයට එන්න තීරණය කළා කියලයි ඇය නම් කියන්නේ.

ඉතින් ඇය ලංකාවෙන් එන්න කලින් රටින් යනවා නේද කියන හැඟීමයි හිතට ඇවිත් ගොඩක් ඇඩුවා කියලත් ඇය කියනවා. නමුත් අන්තිම කාලේ හරි ලංකාවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මේ වෙනකොට ටෙලි නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා. ඉතින් ඇය ජනප්‍රියම හා වැඩ අධිකම කාලේ තමයි විවාහ වෙන්නේ. ඊට පස්සේ විවාහයත් එක්ක රඟපෑමෙන් ඈත් වෙන්න සිද්ද වුණා කියලත් ඇය කියනවා. නමුත් තාමත් ඇය රඟපාන්න ගොඩක් ආසාවෙන්ලු ඉන්නේ.

ඒ වගේම රඟපාන්න බැරි වෙනකොට දුකක් හිතුණු අවස්ථා තියෙනවා වගේම අපරාදේ අවස්ථාව මඟ හැර ගත්තා නේද කියලත් හිතිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. නමුත් විවාහ වුණේ අපරාදේ කියලා කවදාවත් හිතිලා නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *