මම චිත්‍රපට හදන්නේ ලාභ ලැබීමට නෙවෙයි, අපේ රටේ සිනමාවට අතහිත දිය යුතු නිසා පිරිසිදු චේතනාවෙන්-බන්දුල ගුණවර්ධන
මහාචාරිය ආරියරත්න ඇතුගලයන් විසින් රචනා කරන මේ දිනවල රිදී තිරයෙන් දිස්වන ‘සහෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය. ඒත් එක්කම වර්තමානයේ ප්‍රවාහන අමාත්‍ය ධුරයත්, ජනමාධ්‍ය අමාත්‍ය ධුරයත්, හොබවන ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අතගැසුවේ ‘සහෝ’ චිත්‍රපටයෙන් නම් නොවේ. ඊට කලින් 70 දශකයේදී එවකට බන්දුල ගුණවර්ධන යනු ශ්‍රී ලංකාවේ ටියුෂන් අධ්‍යාපනයේ සිටි ප්‍රවීණයෙකි. එමෙන්ම ඔහුගේ ආර්ථික විද්‍යා පංතිවලට සිසුන් සහභාගී වූයේ දහස් ගණනිනි.
ඉතින් 70 දශකයේ නිදහස් ආර්ථිකයත් සමග ව්‍යාපාරිකයන් වෙනත් ලාභදායී ව්‍යාපාරවල ආයෝජනය කිරීමට පෙළැඹීම නිසා එතෙක් වැඩී තිබූ දේශීය සිනමාව, යම් බිදවැටීමකට ලක්වෙනවා. මේ අවස්ථාවේදී තමයි බන්දුල ගුණවර්ධනයන් විශිෂ්ට සිනමාවක් වෙනුවෙන් ආයෝජනය කරන්නේ. ඒ වගේම ඔහුට ඒ කාලයේ මුදල් අගහිඟයක් තිබුණේද නැත. ඒ වගේම ඔහු විසින් සිනමාවට රැගෙන ආවේ පරාක්‍රම නිරිඇල්ලවය. ඒත් එක්කම පළමුවැනියා සහ අන්තිමයා නමින් කළ කෙටි චිත්‍රපටයකින් සම්මාන ලබා සිටි නිඇල්ල, සිනමා ගමනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් සයිමන් නවගත්තේගම ලියූ සිරිමැදුර නම් තිරපිටපත ලබාදෙමින්, නිරිඇල්ල සිනමා ලෝකයට රැගෙන එන්නට බන්දුල සමත්විය.

ඉතින් මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස් ප්‍රමුඛ නළු නිළි රැසක් සිරිමැදුරේ රඟපෑවා. ඒ වගේම හොඳම චිත්‍රපටය, හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂ, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම කැමරා අධ්‍යක්‍ෂණය, සංගීත අධ්‍යක්‍ෂණය, හොඳම චිත්‍රපට ගීත රචනය, හොඳම ගායනය යන සියල්ලටම 1990 පැවැති සරසවි සම්මාන උළෙලේදී සම්මානිත වූයේද සිරිමැදුරයි. ඉන් පසුව එච්.ඩී. ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ ද දායක කරගනිමින් බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කළ ඒ චිත්‍රපටය තමයි ‘ද නිස්පේපර්ස්’ කියන්නේ. ඉතින් සරත් කුමාර, ගිහාන් ප්‍රනාන්දු, මාෂි සිරිවර්ධන, පුබුදු චතුරංග ඇතුළු පිරිසක් මෙයට රංගනයෙන් දායක වුණා.
ඒ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගල, ‘සහෝ’ චිත්‍රපටය හදන්නට, ආචාර්ය මුල් බන්දුල ගුණවර්ධනයන්ගේ සහාය ඉල්ලන්නේ ඔය අතරයි. ඉතින් හැමදාමත් කුසලතා පූර්ණ අලුත් අධ්‍යක්‍ෂවරුනට අත්වැල් සැපැයූ බන්දුල, ඇතුගලට ‘සහෝ’ හදන්නටද සහයෝගය අයෝමා විසින් ලබා දී තිබුණා. ඒ වගේම දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ ප්‍රමුඛ නවක නළු නිළි කැලක් රඟන ‘සහෝ’ ද ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මාන ලබාගෙන තිබීම විශේෂත්වයකි. බන්දුල ගුණවර්ධන අතගැසූ හැම චිත්‍රපටයක්ම පාහේ බොහෝ සම්මානවලට පාත්‍ර වීම විශේෂත්වයක්. එහෙත් ඔහු චිත්‍රපට හදන්නේ ලාභ ලැබීමට නොව, කලාත්මක සිනමාවකට අත හිත දිය යුතුය යන පරම පවිත්‍ර චේතනාවෙන්. ඉතින් ‘තමර සිනෙරු ෆිල්ම්ස්’ ඒ අතින් විශිෂ්ටයි.