Watapita

Just another WordPress site

බාධක කියන්නෙම මගේ ජීවිත ගමනේ එක කොටසක්, මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එකත් හැක් කරලා-කැරොලයින් ජූරි

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන හිටපු ලෝක විවාහක රූ රැජනක් තමයි කැරොලයින් ජූරි කියලා කියන්නේ. ඉතින් පසුගිය කාලය පුරාවටම අපේ රටේ දැඩි කතාබහට ලක්වුණු ඇයට ආපහු පොඩි ප්‍රශ්නයක් ඇතිවුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය සමාජ මාධ්‍ය වලින් අයින් වෙලා කියලා කතාවක් ගියත් ඇත්තටම වුනේ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකවුන්ට් එක කවුරුහරි හැක් කරලා තිබුන එකලු. කොහොම නමුත් ජනවාරි හැක් වුන එකවුන්ට් එක ආපහු ඇයගේ බාරෙට ගන්න පුළුවන් වුණේ පෙබරවාරි 18 වැනිදා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒක කවුරු කළාද කියලා දන්නෙ තවමත් දන්නේ නැහැ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් බාධක කියන්නෙ ජීවිත ගමනෙ කොටසක් විදිහටලු ඇය දකින්නෙ. ඉතින් ප්‍රශ්න ආවහම ඒ ප්‍රශ්න තුළින් ජීවිතය දිහා බලන විදිය ප්‍රශ්න වලට උත්තර හොයනවා වගේම වැදගත් කියලා ඇය හිතනවා කියලයි කැරොලයින් නම් කියන්නේ. ඒ වගේම ඇය අද වනවිට ඇයගේ ජීවිතේ ඉලක්ක සපුරා ගෙන තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් කාලය කියන්නේ ඉතාම වටින සම්පතක් නිසා ඇය ඇයගේ කාලය ඇයගේ විවිධ ව්‍යාපෘති, ව්‍යාපාරික කටයුතු වලට සහ ඉගෙනීමට වෙන් කර ගන්නවා කියලයි ඇය කියන්නේ. හැබැයි කොච්චර කාර්යබහුල වුණත් ඇයගේ පවුල් ජීවිතයට මුල් තැන දෙනවා කියලයි කැරොලයින් කියනවා.

ඉතින් සැමියා හා දරුවා සමග ගෙවන ජීවිතය වටා තමයිලු ඇය ඇයගේ ජීවිතයේ අනිත් හැම දෙයක්ම සැලසුම් කරගන්නෙ. මොකද පවුලට මුල් තැන දෙන එක ඉතාම වැදගත් නිසා. ඒ වගේම විවාහ ජීවිතය කියන්නෙ ලොකු ගමනක් නිසා විවාහ ජීවිතයේ තෘප්තිය කියන්නෙ ඒ යන ගමනෙදි එන අභියෝග, බාධක, දුක සහ සැප යන මේ සියල්ලටම එකට මුහුණ දීලා තමන්ගෙ සිහින කරා ඉදිරියට යන එක කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ විවාහ ජීවිතය ගැන ඇය තෘප්තිමත් කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ සැමියා නිශාන් නිතරම කියන කතාවක් තමයිලු ‘රට වටේට වැට බැන්දත් කට වටේට වැට බඳින්න බැහැ’ කියලා. ඉතින් කටකතාවලට බයේ ජීවත් වෙන්න ගියොත් ජීවිතයක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *