Watapita

Just another WordPress site

අපි දැන් බැඳලා අවුරුදු 13ක් වෙනවා, නමුත් කවදාවත් චාමර මාත් එක්ක ක්‍රිකට් ගැන කතා කරලා නැහැ-චාමර කපුගෙදරගේ බිරිඳ තමාරා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයේ දොරටුව අබියස සිටි තරග පවා සහමුලින්ම කණපිට හරවා ජයග්‍රහණය කිරීමට තරම් දක්ෂ වුනු ප්‍රහාරාත්මක පිතිකරුවෙක් තමයි චාමර කපුගෙදර කියලා කියන්නේ. ඉතින් එවන් ජයග්‍රහණය රැසක්ම ශ්‍රී ලංකාවට අත්කරදුන් ප්‍රහාරාත්මක දකුණත් පිතිකරු චාමර කපුගෙදරගේ බිරිඳ වන තමාරා කපුගෙදර පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ඉස්සර හොඳම යාළුවෙක් යාළුවෙලා හිටපු පිරිමි ළමයගේ යාළුවා තමයිලු චාමර කියන්නේ. ඒ නිසාම ඒ පිරිමි ළමයා යාළුවා බලන්න එනකොට චාමරත් එයා එක්ක තනියට එනවා කියලයි තමාරා කියන්නේ. ඉතින් ඒ වෙදිහට තමයි මේ දෙන්නා අඳුරගෙන තියෙන්නේ. කොහොම නමුත් ඇය ක්‍රිකට් මැච් බලපු කෙනෙක් නෙවෙයි නිසා මුලදි ක්‍රිකට් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ කියලත් ඇය කියනවා. ඉතින් චාමර ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියලා ඇය දැනගත්තේ 2009 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණු දවසේ කියලයි තමාරා නම් කියන්නේ.

මොකද එදා ඇයගේ යාළුවගේ පිරිමි ළමයා ඇයගෙන් කෝල් කරලා ඇහුවාලු ‘චාමරලට මෙහෙම දෙයක් වෙලා තියෙනවා ඔයා එයාට කතා කරලවත් බැලුවේ නැද්ද’ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයිලු ඔහු ඇයට කිව්වේ ‘ඔයා දන්නේ නැද්ද චාමර කියන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්නේ’ කියලා. ඒ වගේම එදා තමයි ඇය චාමර ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අවුරුදු එකහමාරක් විතර ආදරේ කරලා 2010 දෙසැම්බර් 16 වැනිදා විවාහ වුණා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් චාමර ක්‍රිකට් ගැන ඇයත් එක්ක කතා කරන්නෙම නෑ කියලයි ඇය කියන්නේ. මොකද ඔහු දන්නවාලු ඇයට ක්‍රිකට් ගැන ලොකු අවබෝධයක් නෑ කියලා. ඒ වගේම චාමරට හොඳට උයන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ඉතින් පරිප්පු එහෙම ඔහු හරි රසට හදනවාලු. ඒ වගේම එයාට හොඳට සින්දු කියන්නත් පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඔවුන් බැඳලා අවුරුදු දහතුනක් වෙනවා වුනත් අද ඊයේ බැඳපු දෙන්නෙක් වගේ හරිම සතුටින තමයිලු ඉන්නේ. ඉතින් දැන් මේ දෙන්නට පුතාලාම තුන්දෙනෙක් ඉන්නවා. කොහොම නමුත් දැන් චාමර ජාතික කණ්ඩායමෙන් සමුගත්තට පස්සේ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *