Watapita

Just another WordPress site

ජාත්‍යන්තර තරඟයකදී ශතකයක් රැස්කළ පළමු ලාංකික ක්‍රීඩිකාව මම, ක්‍රීඩාවන් ඉවත් වුන දවසක මම විවාහ වෙනවා-චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායිකාව වගේම ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයට ඔසවා තබමින් ක්‍රිකට් ක්‍රීඩාවේ එකපිට එක දස්කම් දැක්වූ ලෝකයම දිනු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් තමයි චමරි අතපත්තු කියලා කියන්නේ. ඒ වගේම ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 178 සම්බන්ධව වාර්තාවට මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියකදි දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සම්බන්ධ වාර්තාවටද හිමිකම් කියන්නේ ඇයයි. ඒත් එක්කම ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය වාර්තාවක් රැසක් උරුම කර දුන් සුපිරි පිතිකාරිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායිකාව වන ඇය 2009 සිට මේ දක්වා අවුරුදු 12 ක කාලය තුළදී එක් දින ශතක 5 ක් සහ 20 – 20 එක් ශතකයක් රැස් කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක දී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව සහ එකම ක්‍රීඩිකාව වන්නේද ඇයයි. ඒත් එක්කම එක්දින ජාත්‍යන්තර තරගවලදි වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ එකම ශ්‍රීලාංකිය ක්‍රීඩිකාව වන්නේද ඇයයි. එමෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් විසින් ඉනිමක දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 178 සම්බන්ධව වාර්තාවට මෙන්ම කාන්තා ලෝක කුසලාන තරගාවලියකදි දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව සම්බන්ධ වාර්තාව ද ඇය උරුමකම් කියයි. එසේම එක්දින සහ පන්දුවාර 20 – 20 තරග රටාවන් දෙකේදීම ලකුණු 1000 සීමාව ඉක්ම වු පළමු සහ එකම ශ්‍රී ලාංකිය පිතිකාරිනිය වීමේ ගෞරවයද ඇයට හිමිවේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ක්‍රීඩා ජීවිතේ ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට ඇයගේ අප්පච්චියි මුලින්ම බැට් එකක් ගෙනත් දෙනකොට ඇයට වයස අවුරුදු 4යිලු. ඒ වගේම ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න ලොකුම හේතුව වුණේ ඇයගේ මාමා කියලයි චමරි නම් කියන්නේ. මොකද ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක් නිසා. ඉතින් මාමාගේ අඩිපාරේ තමයිලු ඇය මේ ගමන ආවේ. කොහොම නමුත් මේ වෙන කොට ඇයගේ අප්පච්චි ජීවතුන් අතර නැහැ. ඉතින් අප්පච්චි නැති වෙලා මේ යන්නෙ දහතුන්වැනි අවුරුද්ද කියලත් ඇය කියනවා. ඒ නිසා දැන් ඇයගේ එකම ශක්තිය ඇයගේ අම්මා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය හාඩ්බෝල් සෙල්ලම් කරන්න පටන් ගනිද්දි ඇයට වයස අවුරුදු 7යිලු. ඉතින් ගමේ ඉද්දි ඇය ඒ කාලේ වැඩිපුරම ක්‍රිකට් සෙල්ලම් කළේ පිරිමි ළමයි එක්ක කියලයි චමරි කියන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉදන්ම ඇය ජීවත් වූණේ ක්‍රිකට් හීනේ ඇතුළේ කියලත් ඇය කියනවා. ඉතින් 2009 දී තමයි ඇය පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගයට සහභාගි වෙලා තියෙන්නේ. ඒ වගේම එහිදී 20 – 20 වල්ඩ් කප් එකේ ඉන්දියාවට එරෙහිව තමයි තරඟ කරලා තියෙන්නේ. ඒත් එක්කම ඇයට 2010 දී ඇයගේ පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා තරගය නියෝජනය කරන්න ලැබෙන්නේ බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව. ඉතින් මේ වෙන කොට 20 – 20 සහ එක්දින තරග 160 කට වගේ ඇය සහභාගි වෙලා තියෙනවා කියලයි චමරි කියන්නේ.

ඒ වගේම ඇයගේ ජීවිතේ සදාකාලික ක්‍රිකට් වීරයා සනත් ජයසූරිය කියලත් ඇය කියනවා. කොහොම නමුත් ක්‍රීඩාව නිසා පාසල් කාලෙදිත් ප්‍රේමය ඇයගේ ජීවිතෙන් මගහැරුණාලු. ඉතින් ඇයගේ ජීවිතේ 1, 2, 3 ස්ථාන තුනම දෙන්නේ ක්‍රීඩාවට කියලයි ඇය කියන්නේ. ඒ වගේම තාමත් ඇයට ප්‍රේමය, විවාහය, නෑදෑහිතමිතුරන් දෙමාපියන් එක්ක ඉන්න කාලය මගහැරිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ නිසාම කවදාහරි ක්‍රීඩාවෙන් සමුගන්න දවසට විවාහ වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *