මගේ කලින් පෙම්වතිය මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්න හොඳම යාලුවෙක්, ඒ නිසා තනිකඩකම දැනෙන්නේ නෑ-චමීර ලියනගේ
රත්තිලවැව, ගිරිදේවි, බලවෙට්ටුවා, වෙස්, දාම් වැනි ටෙලිනාට්‍ය හරහා මෙන්ම මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම සහ ගඟන පියවර ටෙලිනාට්‍ය දෙක හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස්වල ඔහුගේ ජීවිතේ මාදු ගඟත් එක්කමලු ගෙවන්නේ. ඒ වගේම දවසම මාදු ගඟේ නිසා ඔහුත් දැන් දියකාවෙක් වගේ තමයි කියලයි චමීර කියන්නේ. ඒ වගේම කෝලම් කුට්ටමේ සුන්දරා ගැන කතා කළොත් ඔහු ද්විත්ව චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ඇත්ත නම සෙනාල්. අනෙක් නම තමයි සුන්දරා සහ සර්. ඉතින් තාම කතාව ඇතුළේ සුන්දරා කියන්නේ කවුද කියලා හෙළිවෙලා නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම සුන්දරාගේ ඇත්ත චරිතය මොකක්ද කියලා ඉදිරියේදී එළියට එයි කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම කෝලම් කුට්ටම කියන්නේ ඔහුට මරණ බය දැණුන නාට්‍යයක් කියලත් චමීර කියනවා. මොකද පසුගිය දවසක රූගතකිරීමකදි ඔහු බෝට්ටුවේ ඉද්දි එතනින් කිඹුලෙක් ගියාලු. ඉතින් එදා කිඹුලව ඇස් දෙකටම දැක්ක වෙලේ නම් ඔහුගේ කකුලුත් පණ නැති වුණා කියලයි චමීර නම් කියන්නේ. ඒවාගේම තව දර්ශනයක් තිබුණාලු ඔහුට මීටර් 50 විතර බෝට්ටුවෙන් පැනලා ගොඩට පීනගෙන එන්න. ඉතින් එදා ඔහු පීනුවේ ඔහුගේ ශක්තියට නෙමෙයි කිඹුලට තියෙන බයට කියලයි චමීර නම් කියන්නේ.

ඒ වගේම ඔහු ආදරේට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලත් චමීර කියනවා. හැබැයි ඔහු තාම තනිකඩයෙක්. ඉතින් තව ටික දවසක් නිදහසේ ඉන්න ආසයි කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම පරණ ආදරේටත් ඔහු තාමත් ආදරෙය කරනවාලු. මොකද අදටත් ඇය ඔහුගේ දුකේදි සැපේදි ළඟින් ඉන්න හොඳ යාළුවෙක් නිසා. ඒ වගේම ආදරය, විවාහය කියන දේවල් ගැන ඔහු දැන් ලොකුවට හීන මවන්නේ නැහැ කියලයි චමීර අවසාන වශයෙන් පවසලා තිබුනේ.