Watapita

Just another WordPress site

මම දැන් බැඳීම් වලින් ඈත් වෙලා ඉන්නේ, ඒ නිසා මට තියෙන ලොකුම බැඳීම දුවලා දෙන්නා විතරයි-චන්න පෙරේරා

වසර 30කට අදික කාලයක් කළා ක්ෂේත්‍රය තුල රැඳෙමින් අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඔහුව නිතරම නිර්මාණ තුලින් දකින්න නොලැබුනත් තවමත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට වගේම සිනමාවට ඔහු සිහින කුමාරයෙක්. ඉතින් ඔහු විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින්, ප්‍රධාන චරිතයකට දායක වන ‘යුගාත්‍රා’ සිනමා නිර්මාණය ඔස්සේ ළඟදීම ප්‍රේක්ෂකයින් හමුවට එන්න සුදානමින් ඉන්න ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල ඔහුගේ ජීවිතේ නියමයි, මාරයි කියලා කියන්න පුළුවන් කියලයි චන්න නම් කියන්නේ. ඒ වගේම සෑම දෙයක්ම ගැනම සුබවාදී විදියට හිතන්න සහ සුබවාදී විදියට බාර ගන්නකොට ජීවිතේ පුදුම නිදහසක් දැනෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු දැන් බොහෝ බැඳීම්වලින් ඈත්වෙලා ඉන්න නිසා ඔහුට තියෙන ලොකුම බැඳීම දුවලා දෙන්න කියලයි චන්න නම් කියන්නේ. ඒ හැර බැඳීම්වලින් තොරව සුබවාදී විදියට ජීවිතය දිහා බලද්දී ජීවිතය ලස්සන වෙනවා කියලත් ඔහු කියනවා.

කොහොම නමුත් ඔහු දීර්ඝ කාලයක් විකාශය කෙරෙන නාට්‍යවල රඟපාන්න අකමැතියිලු. මොකද ඒ විදියට රඟපාද්දී ඔහුටත් එපා වෙනවා වගේම ප්‍රේක්ෂකයන්ට වුණත් එපා වෙන නිසා. ඉතින් කොටස් පණහක, හැටක වගේ නාට්‍යයක ඔහුට ඔහුගේ හදවතට දැනෙන චරිතයක් ලැබුණොත් කරනවා කියලයි චන්න නම් කියන්නේ. ඉතින් අන්තිමට ඔහු රඟපෑවෙ 2016දී විතර විකාශය වූ ‘රතු අහස’ නාට්‍යයේ. ඒ වගේම ඒකට ඔහුට සම්මානත් ලැබුණා. ඒ වගේම නිතරම රඟපෑවේ නෑ කියලා මිනිස්සුන්ගේ ආදරය අඩුවෙලා නැති එක මම සසරේ ගෙන ආ පිනක් වෙන්න ඇති. කියලත් චන්න කියනවා .

ඒ වගේම මේ වන විට ඔහු චිත්‍රපට 5ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉතින් යුගාත්‍රා කියන්නේ ඔහුගේ හතරවැන්න. ඒත් එක්කම ෆිල්ම් කරද්දී ඔහුට නිතරම අවශ්‍ය වුණේ උඩුගං බලා යන්න වෙනසකින් කරන්න නිසා මේකත් ආත්ම දෙකක් ඔස්සේ දිවෙන ආදර කතාවක් වගේම මනෝමය ත්‍රාසජනකයන් රැගත් තේමාවක් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු මෙම චිත්‍රපටයේ ආත්ම දෙකක චරිතයක් රඟපාන්නෙ. පළමු ආත්මයේ විසල් ජයසූරිය නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගේ චරිතයක්. ඊළඟ ආත්මයේ සාගර දිද්දෙණිය කියන චරිතය. ඉතින් වෙනස් ස්වරූපයේ චරිත දෙකක් නිසා ත්‍රාසය, කුතුහලය එක්ක අවසානය දක්වා නිගමනය කළ නොහැකි ලෙස කතාව ගලා යන්නවා කියලයි ඔහු කියන්නේ. ඉතින් අධ්‍යක්ෂණය කරමින් මේකෙ රඟපෑම ලොකු අභියෝගයක් වුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *