මගේ පෙම්වතා ලංකාවේ කෙනෙක්, ඔහුව මට හමුවුනෙත් මෙහෙදිමයි, මමත් ඉදිරියේදී රංගනයට එනවා-මලීෂා පෙරේරා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් පහුගිය දිනවල ඔහු ගැන වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වුණේ ඔහුගේ දුවත් එක්ක පෙම්වතුන්ගේ දිනය සැමරීමට වගේම යුගාත්‍රා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට එතැනට සුවිශේෂී අමුත්තෙක් එකතු වෙලා තිබුණු නිසයි. ඉතින් චන්නගේ ආදරණීය දුව වන මලීෂා පෙරේරා සමඟ එතැනට ආපු ඇයගේ පෙම්වතා ගැන වගේම මලීෂා ගැනත් යූටියුබ් නාලිකාවල වගේම වෙබ් අඩවිවල විවිධ අසත්‍ය පුවත් තමයි පළවෙලා තිබුනේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක මලීෂාව පුවත්පත් මාධ්‍ය සාකච්චාවකට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය විදෙස් ගත වෙලා ඉන්න බවට කතාවක් ගියත් ඇය මෙච්චර කල් ලංකාවේ තමයිලු හිටියේ. ඒ වගේම ඇය මේ දවස්වල ඇයගේ එම් බී ඒ එකට සූදානම් වෙන අතරේ ඇයගේ අම්මා වන ගයත්‍රීගේ සැලෝන් එකේ වැඩකටයුතු වලටත් උදව් කරනවාලු. ඉතින් ඇය දැනට ව්‍යාපාර අංශයෙන් තමයිලු අධ්‍යයන කටයුතු සිදුකරන්නේ. ඒ වගේම ඇය ඒ අංශයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරන්න හිතුවේ ඇයගේ අම්මාගේ සැලෝන් එකේ වැඩකටයුතු වලට එකතු වෙන්න පුළුවන් නිසා කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඔය අතරේ ඇයගේම කියලා ව්‍යාපාරයකුත් කරගෙන යනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ ආදර සම්බන්ධතාවයට දැන් ටික කාලයක් වෙනවාලු. නමුත් ඒ ගැන අන්තර්ජාලයේ පළවුණු කතා සියල්ලම බොරු කියලයි ඇය කියන්නේ. අනික ඔවුන් දෙන්නා ලඟදි කසාද බඳින්න යනවා වගේම ඔහු විදෙස්ගත වෙලා ඉන්න චරිතයක් කියලත් කතාවක් පැතිරුණාට ඒ සියල්ල බොරු කියලත් මලීෂා කියනවා. ඉතින් ඔහු ඉන්දියානු ජාතිකයෙක් නෙමෙයි ඔවුන් කසාද බඳින්න කියලා තවම ලොකුවට සැලසුම් කරලා නෑ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ සම්බන්ධතාවයට තවම ලොකු කාලයකුත් නැහැලු.

ඒ වගේම ඇය කැමැති තාත්තාගේ නිර්මාණයකින් ක්ෂේත්‍රයට එන්න කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය දැනට අධ්‍යාපන කටයුතු වලට මූලිකත්වය ලබාදීලයි තියෙන නිසා ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ගොඩක් ක්ෂේත්‍රයේ යාළුවෝ නැහැ කියලයි ඇය කියන්නේ. මොකද ඇයත් තාත්තා වගේම ගොඩක් කතාබහ කරන්නේ නැති නිසා. ඉතින් ඇයත් තාත්තා වගේම නිදහස හොයන කෙනෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.