Watapita

Just another WordPress site

නළුවෙක් වෙන්න ලොකු කට්ටක් කාපු කොල්ලෙක් මම, කොච්චර බැණුම් ඇහුවත් කවදාවත් පස්සට ගියේ නැහැ-චරිත් මධුරංග

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අක්ෂි සහ බයෝ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චරිත් මධුරංග කියලා කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඔහු කියාදෙන්න ආදරේ තරම්, අකුරු මැකී නෑ, ධරණි වැනි ටෙලි නිර්මාණ හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් කාලයක් පුංචි තිරයේ දුෂ්ටයා වෙලා ප්‍රේක්ෂකයාගෙන් අයහපත් ප්‍රතිචාර ලබමින් සිටි ඔහු හිටි හැටියේම අහිංසක පෙම්වතා වෙලා යහපත් ප්‍රතිචාර ලබන්න පටන් අරන්. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහුට ඉස්සර දිගටම ලැබුණෙම සුපුරුදු විදිහට දඩබ්බර දඟකාර මැර චරිත වුනත් ඔහුට ලොකු ආසාවක් තිබුණාලු ඒ චරිත රංගනයෙන් මිදිලා වෙනස්ම විදිහේ රංගනයකට යන්න. ඒ වගේම ඔහුව ඒ තත්ත්වයෙන් මුදාගෙන ‘අක්ෂි’ තුළ වෙනස්ම චරිතයක් ලබා දීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා ශාන් ජයරත්නට මුලින්ම ස්තුතිවන්ත වෙනවා කියලත් චරිත් කියනවා. ඉතින් ඇත්තටම ඔහුට මේ චරිත රංගනය ලොකු අභියෝගයකුත් වුණා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම කාලයක් ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් මදි නොකියන්නම බැනුම් ඇහුවාලු. ඉතින් ඒ විදිහට හොඳටම බැනුම් ඇහුවෙ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ නදුන්ගේ චරිතයට කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට ඒ බනින එකට ඔහු ගොඩක් කැමැතියි කියලයි චරිත් නම් කියන්නේ. මොකද ඒ බනින්නෙ නදුන් චරිතයට මිසක් චරිත් මධුරංග කියන ඔහුට නෙමෙයි නිසා. ඒ වගේම ඔහු පුංචි කාලෙ ඉඳන්ම කැමැත්තෙන් හිටියෙ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ නිසාම ඔහු පාසල් යන කාලෙ ඉඳන්ම ඒ අංශයට නැඹුරු වෙලා හිටියා කියලත් ඔහු කියනවා. ඉතින් නළු උණ තදටම වැදුණු කෙනෙක් තමයි චරිත් මධුරංග කියන්නේ.

ඒත් එක්කම පාසල් මට්ටමින් නාට්‍ය තරගවලට සම්බන්ධ වුනු ඔහු රාජ්‍ය ළමා නාට්‍ය උළෙලවලට, සමස්ත ලංකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ වේදිකාවට සම්බන්ධ වෙලා වේදිකා නාට්‍ය කිහිපයකටත් ඔහු සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසාම ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න ලොකු කට්ටක් කාපු කොල්ලෙක් තමයි ඔහු. ඒ වගේම ප්‍රතික්ෂේප වුණු තැනුත් ගොඩක් තිබුණා කියලයි ඔහු කියන්නේ. නමුත් ඔහුගේ අරමුණට යාම කවදාවත් අත ඇරියේ නැති නිසා ලොකු ශක්තියක් අරගෙන නොවැටී මේ ගමන ආවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *