කාලයක් මම සිරසේ නිවුස් කිවුවා, නමුත් අද හැමෝම මාව දන්නේ රංගන ශිල්පිනියක් විදිහට-චතූ රාජපක්ෂ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ගගන පියවර ටෙලිනාට්‍යයේ මහේෂිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මේ දවස් වල රංගනයෙන් දායක වෙන මහේෂිකාට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන බන්ධනා ටෙලි නාට්‍යයේ බන්ධනාගේ චරිතය නිසා ටෙලි නාට්‍යය විකාශය වී අවසන් වුවත් අදටත් ඇයගේ බන්ධනා චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය 2017 වසරේ ඉදන් 2020 අවුරුද්ද දක්වා සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහත් වැඩ කළා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන් මෙහෙය වන්නියක් ලෙසත් ඇය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල රංගන කටයුතු වල නියැළී ඉන්න අතරතුර ස්වර්ණවාහිනීයේ නිදහස් වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත් කටයුතු කරනවා කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි ඇය කළා ක්ෂේත්‍රයට ආවේ. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එක තුළ බෙස්ට් ඇක්ට්‍රස් හැටියට එවෝඩ් එකක් ගන්න ඇයට හැකියාව ලැබුණා වගේම අවසාන මහා රාත්‍රියේ දී දෙවන ස්ථානය මෝස්ට් බියුටි ෆුල් ඇක්ට්‍රස් හැටියටත් ඇයට සම්මානයක් හිමි වුණා. ඊට පස්සේ 2018 වසරේදී තමයි ඇයට මේ සම්මානනීය ඇගැයුමත් සමඟ ඇයට සිරසේ ප්‍රවෘත්ති කියන්න ලැබුණේ. ඉතින් නිවුස් කියන ගමන් තමයි ඇය රංගනයේ නියැළුණත්. කොහොම නමුත් වසංගත කාලයේ ගෑනු අය ප්‍රවෘත්ති කියන එක නතර කළ නිසා ඒ සමඟම ඇයත් ප්‍රවෘත්ති කියන්න ගියේ නෑ කියලත් චතූ කියනවා. ඉතින් දැනටත් මාධ්‍ය ආයතනයක් නිවුස් කියන්න එන්න කතා කරලා තියනවා වුනත් ඇයගේ වැඩත් එක්ක තවම තීරණයක් අරගෙන නෑ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ගොඩක් ආසයිලු චීත්ත ගවුමක් ඇදල ගැමි චරිතයක් කරන්න. ඒත් ඇයට තවම ඒ වගේ චරිතයක් ලැබුණේ නෑ කියලත් ඇය කියනවා. ඒත් එක්කම වේදිකාව රංගශිල්පියෙකුට විශ්ව විද්‍යාලයක් නිසා වේදිකා නිර්මාණයක් වෙනුවෙන් දායක වෙන්න උත්සහ ගන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් රංග ශිල්පයේ දුරගමනක් යන්න වේදිකාව සැබැවින්ම අතැඹුලක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.