Watapita

Just another WordPress site

මාව එක්කන් යන්න ආපු ඩයිවර් අන්තිමට මගේ හස්බන්ඩ් වුණා, නමුත් අපි තාම ආදරෙයි කියලා නැහැ-චතූ රාජපක්ෂ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියලා කියන්නේ. ඒ වගේම ඇය දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නම් නෙවෙයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල ටෙලි නාට්‍ය වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් දවස ගෙවනවා වගේම පෞද්ගලික ජීවිතේත් සුන්දර විදිහට ගෙවනවා කියලයි චතූ නම් කියන්නේ. ඒ වගේම ඇය මේ වෙද්දී ටෙලි නාට්‍ය අටක රංගනයේ යෙදිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ආදරේ ගින්දරක් කියන නිර්මාණ යේ පුංචිම චරිතයක් කරලා ‘ඇය’ කියන නාට්‍යයට සම්බන්ධ වුනාට පස්සේ තමයිලු බොහෝ දෙනෙක් ඇයව නිළියක් හැටියට අඳුන ගත්තේ. ඒ වගේම ඇය කාලයක් සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා.

කොහොම නමුත් ඇය විවාහ වුනේ අහම්බෙන් වගේ ඇයට හමුවුණු කෙනෙක් සමඟයි. ඉතින් ඇයගේ ආදරණීය සැමියාගේ අයියා එක දවසක් ඇයට රණවිරු වැඩසටහනකට ආරාධනා කරළා තියෙනවා. ඉතින් ඇය අයියට කිව්වාලු වාහන ප්‍රශ්න නිසා එන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔහු ඇයට කියලා තියෙනවා වාහනයක් එවන්නම් ඔයා වැඩේට එන්න කියලා. ඉතින් අදාළ දවසේ ඇයට වාහනයක් එවලා තිබ්බ නිසා ඇය හිතුවේ ටැක්සි එකක් එවලා ඒකේ ඩ්‍රයිවර් ඔහු කියලාලු. කොහොම නමුත් ටික දුරක් යද්දී ඇය ඔහුත් එක්ක හොඳින් කතාබහ කරළා දැනගෙන තියෙනවා ඇයට ආරාධනා කලේ ඔහුගේ අයියා කියලා. ඒ වගේම වැඩේ ඉවර කරලා ඔවුන් ඩිනර් එකටත් සෙට් වෙලා තියෙනවා. ඉතින් ඇයව ගන්න ආපු ඩ්‍රයිවර් අන්තිමට හස්බන්ඩ් වුණා කියලයි චතූ කියන්නේ.

ඒ වගේම ඔවුන් හමුවෙලා ටික දවසකට පස්සේ තමයි පෙම්වතුන් වෙලා තියෙන්නේ. කොහොම නමුත් තවම දෙන්නට දෙන්නා ආදරේ ප්‍රකාශ කරලා නැහැ කියලත් ඇය කියනවා. මොකද ඔහු කෙළින්ම ඇහුවේ ඔහුව බඳින්න කැමති ද කියලාලු. හැබැයි ඒ වෙද්දී වෙන කෙනෙකුට ආදරේ කරන්න ඇයට වුවමනාවක් තිබ්බේ නැහැ කියලත් ඇය කියනවා. මොකද ඇයගේ එෆයාර් එක නතර වෙලා මාස තුනක් විතර වෙලා තිබුන නිසා. කොහොම නමුත් ඔහුගේ හැසිරිම් හා කෙළින්ම බඳිමුද කියලා අහපු නිසා එයා ගැන හිතන්න පටන් ගත්තා කියලයි චතූ නම් කියන්නේ.

ඉතින් ඊට පස්සේ මාස හයක් විතර ආශ්‍රය කරලා විවාහ වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇත්තටම කිව්වොත් ඒ තීරණය හරිගිය නිසා ඔවුන් දැන් තමයිලු ආදරේ කරන්නේ. ඉතින් ඒ වගේම භාර ගත්ත වැඩ ටික ඉවර කරලා දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *