Watapita

Just another WordPress site

පොඩි කාලේ ඉදන්ම මගේ එකම හීනය වුනේ නළුවෙක් වෙන එක, ජොබ් හයක් කලත් එකක්වත් හරිගියේ නැහැ-චතුර රාජපක්ෂ

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන මැස්සා ටෙලිනාට්‍යයේ දිගාගේ චරිතය හරහා වගේම රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ ජූඩ්ගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චතුර රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ මතකයන් ගත්තොත්, මතකයන් ගොඩක් තියෙනවා කියලයි චතුර කියන්නේ. ඉතින් දර්ශන් ධර්මරාජ්, ඔහු රැල්ල වෙරළට නාට්‍යයේ එකටම වගේ රඟපෑව නිසා ඔහුගේ අහිමිවීම දැනටත් හිතාගන්න බැරි දෙයක් කියලත් ඔහු කියනවා. ඒත් එක්කම බිමල් ප්‍රනාන්දු, දර්ශන් සහ ඔහු එකටම වගේ හිටිය නිසා වගේම දර්ශන් සහ ඔහු පදිංචියත් එක ළඟ නිසා ඔවුන් කල වැඩ අදටත් තවමත් මතක් වෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ජීවිතය ගැන බොහෝ දේ ඔහුට ඒ දෙන්නගෙන් ඉගෙන ගන්න ලැබුණා කියලත් චතුර කියනවා.

ඒ වගේම ඔහු රඟපාන්න පෙර රස්සාවල් පහක්, හයක් විතර කරලා තියෙනවාලු. ඉතින් ඒවාගෙන අල්ලලා ගියේ මාකටිං ජොබ් එක කියලයි ඔහු නම් කියන්නේ. කොහොම නමුත් පොඩි කාලයේ ඉඳලා ඔහුට තිබුණෙ නළුවකු වීමේ අරමුණලු. ඉතින් ඔහුගේ හීනය වුණේ නළුවකු වීම කියලත් ඔහු කියනවා. ඉතින් ඒ අරමුණ ඇතිව කැපවෙලා ගමනක් ආවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම පාසල් යන කාලයේදීත් ඔහු නාට්‍ය කළ නිසා ඒවා කරද්දි ඔහුට පාසලින් ලැබුණු ප්‍රතිචාර සහ ගුරුවරුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරඔහු රංගනය කෙරෙහි ධෛර්යවත් කළා කියලත් චතුර කියනවා.

ඒ වගේම මැස්සා ටෙලිනාට්‍යයේ දිගා නිසා ගැහැනු ළමුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ඔහුගේ ප්‍රේමය තියෙන්නෙ රඟපෑමට කියලයි චතුර නම් කියන්නේ. මොකද ඔහු රංගනයට තමයිලු ප්‍රේම කරන්නෙ. හැබැයි ආදරේ හැමෝටම ඕනෑ දෙයක් නිසා ඔහුත් ඒක විඳිනවා කියලයි චතුර කියන්නේ. ඒ වගේම ඔහු සිංදුවක් කියාගෙන, සතුටින් ඉන්න කාටවත් කරදරයක් නැති කොල්ලෙක් කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *