මම දැන් අවුරුදු 25ක් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා, කැරොලයින් ජූරිව පුහුණු කලෙත් මම-චූලා පද්මේන්ද්‍ර
අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයේ අවුරුදු 25ක් පමණ කාලයක් ලාංකේය කලා ක්ෂේත්‍රයට මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයට දක්ෂතාවලින් පරිපූර්ණ තරු රැසක් බිහිකළ නිරූපණ ශිල්පයේ හසළ දැනුමක් ඇති දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ කියලා කියන්නේ. ඒ වගේම ඇය ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ දක්ෂතම නිරූපණ ශිල්පිනියක්. ඒත් එක්කම ඇය නිරූපණ ශිල්පිනියක් පමණක් නෙවෙයි, ලංකාව පුරා විසිරී සිටින නිරූපණ ශිල්පය හදාරන්න කැමැති සිසු සිසුවියන්ට නිරූපණයේ සියලු දෑ උගන්වන ගුරුවරියක්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

මේ දවස්වල ඇයගේ නිරූපණ පාසලේ සිසු, සිසුවියන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සූදානම් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ කටයුතු සහ බබාගේ වැඩත් එක්ක ජීවිතේ සතුටින් ගෙවනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයනිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා දැන් අවුරුදු 24ක් වෙන නිසා මේ අවුරුද්දේ අවසානයේ දී අවුරුදු 25 සම්පූර්ණ වෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇය පුහුණු කළ කැරොලයින් ජූරි විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීම අමතක නොවන සිදුවීමක් කියලත් චූලා කියනවා.

ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම පය තබන්නේ 96 අවුරුද්දේ. ඉතින් ඊට පස්සේ ඇයගේ ක්ලාස් එක පටන්ගත්තේ 2009 අවුරුද්දේ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ විදිහට ක්ෂේත්‍රයේ අවුරුදු ගණනක අත්දැකීම් ලබාගෙන තමයි ඇය නිරූපණය උගන්වන්න ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ඇය විවිධ විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ ලංකාවේ පමණක් නොවේ ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන් සමඟ එකතු වෙලා වැඩ කරලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ ලබපු අත්දැකීම් සහ දැනුම පදනම් කරගෙන තමයි ඇය නවකයන් පුහුණු කරන්නේ.

ඒ වගේම නිරූපණ ශිල්පීන්ට නමක් හදාගෙන ඉදිරියට යාම දීර්ඝ කාලීනව සිදු කළ යුත්තක් කියලයි ඇය කියන්නේ. ඉතින් කෙනෙක්ට සුපර් මොඩ්ල් කෙනෙක් වීමට අවශ්‍ය නම් අඩුම රෑම්ප් ශෝස් 50කවත් ඇවිදින්න ඕනි කියලත් ඇය කියනවා. නමුත් දැන් සෝෂල් මීඩියාවල ඉන්න බොහෝ දෙනෙක්ට සජීවීව ඉදිරිපත් කිරීමක්වත් කර ගන්න බැහැ කියලයි චූලානම් කියන්නේ. ඉතින් ඇය නවකයන්ට කියන්නේ මේක ගොඩක් දුර යායුතු ගමනක් නිසා සුපර් මොඩ්ල් කෙනෙක් වෙන්න නම් අඩුම ලංකාවේ විලාසිතා ශිල්පීන් 20කගේ යටතේවත් වැඩ කරලා තිබෙන්න ඕනි කියලා. ඒ වගේම හොඳ ගුරුවරයෙක් සොයා ගැනීම මූලිකම දේ කියලත් ඇය කියනවා. ඉතින් ඒ අයගේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව අනිවාර්යෙන් බැලිය යුතුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.