මම කරන හැමදෙයක්ම කරන්නේ මගේ රට වෙනුවෙන්, වේදිකාවට නැග්ගට මම කවදාවත් ඡන්දේ ඉල්ලන්නේ නෑ-දමිතා අබේරත්න
අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියලා කියන්නේ. ඒ වගේම ඇය මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද සම්මානයට පාත්‍ර වුනු රංගන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ පසුගිය වසරේ පැවති ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක්, නායිකාවක් ලෙස කටයුතු කළ ඇය, පසුගියදා සිය මංගල දේශපාලන ගමන පොළෙන්නරුවෙන් ආරම්භ කල නිසයි. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය දේශපාලන රැස්වීමක දී වීම විශේෂත්වයකි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක ලංකාදීප පුවත්පත විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය අරගල කරන්න ආවේ තනියම කියලයි ඇය කියන්නේ. ඒ වගේම මිනිසුන්ට සහන ලැබිලා, මිනිසුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න ඕනෑ වාතාවරණයක් හැදීම වෙනුවෙන් තමයිලු ඇය අරගලයට බැස්සේ. ඉතින් එතකොට ඇයව විශ්වාස කරලා ඒ පැමිණි මිනිස්සු වෙනුවෙන් ඇයට පුළුවන් උපරිම දේ කළා කියලත් දමිතා කියනවා. කොහොම නමුත් අරගලයේ හිටපු සියලු දෙනා අද ඡන්දය ඉල්ලනවා වුනත් මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් සුදුසුම තැනටලු ඇය එකතු වුනේ. ඉතින් ඒ අයිතිය ඇයටත් තිබෙනවා කියලයි දමිතා කියන්නේ.
හැබැයි ඇය මිනිස්සු වෙනුවෙන් ඉල්ලූ දේ ලබා දෙන්න, ඇය ඉල්ලූ රට නැවත ලබා දෙන්න හිටගන්න සුදුසුම තැනක් ඇයටත් තිබෙන්න ඕනැ නිසා. ඒ මිනිස්සු වෙනුවෙන් ඇය කල යුතු දේ තමයිලු දැන් මේ කරන්නේ. ඒ වගේම අරගලය කළ අය අද එක් එක් පක්ෂවල ඉන්නවා වගේම නිර්පාක්ෂික අය ඉන්නවා වුනත් ඇය අරගලය කරන කාලයේ කිසිම පක්ෂයක හිටගත්තේ නෑ කියලත් දමිතා කියනවා. කොහොම නමුත් ඇය අරගලයෙන් පස්සේ ජීවිතේට සිතුවේ නැහැලු හිරේ යන්න වෙයි කියලා. ඒ වගේම ඇය අරගලයේදී අපේ රටට කිසිම වරදක් කළේ නෑ වගේම ඇය ගිහිල්ලා දේපළ පොඩිකරලා, ගෙවල් ගිනි තියලා දැම්මේ නෑ කියලයි ඇය කියන්නේ. මොකද ඇය ගල් කැටයක්වත් ගත්ත නැති අරගලයක්ලු කළේ. ඉතින් මිනිස්සු කුපිත වෙලා ගෙවල් ගිනි තිබ්බ එක ගැන ඇයට අදටත් තේරෙන්නේ නෑ කියලත් දමිතා කියනවා.

ඒ වගේම ඇය අරගල කළේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න මිසක් කාගෙවත් හම්බ කරගත්ත දේවල් නැතිකර ගන්න නොවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය හිරේ ඉද්දි අරගලය වෙනුවෙන් එකම හිටපු පාර්ලිමේන්තුවේ පෙනී සිටි කණ්ඩායම තමයි සජබේ. ඒත් එක්කම එළියේ ඇය වෙනුවෙන් වැඩියෙන්ම කතා කළේ ඒ අය කියලත් ඇය කියනවා. හැබැයි ඒ කතා කළාට ඒකට කෘතගුණ දක්වන්න නොවෙයිලු ඇය ගිහිල්ලා සජබෙ වේදිකාවට නැග්ගේ.
ඉතින් දරුවන්ගේ අරගලයෙන් දිනාගන්න ඇයට අමුතු නමක් තිබුණේ නෑ කියලයි ඇය කියන්නේ. අරගලය කරලා අදටත් ඇය අපහාස තමයිලු විදින්නේ. ඒ වගේම ඔය මොන අපහාස වින්දත් මිනිසුන්ට දෙයක් දැනෙන්න පුළුවන් විදිහට කරලා දෙන්නලු ඇය දේශපාලන වේදිකාවට නැග්ගේ. ඉතින් ඒ ටික කරලා දෙන්නේ නෑ කියලා දැනුණොත් ඇය එක තත්පරයක්වත් එතන ඉන්නේ නෑ කියලත් දමිතා කියනවා. ඒ වගේම කවදාහරි ඇය හිටගත්ත සජබ අය වරදක් කළොත් අපේ රටට, ඇය තමයි එදාට ඔවුන්ට විරුද්ධ නැගිටින පළමු කෙනා වෙන්නේ.

ඉතින් ඇයට රටට වැඩිය පක්ෂයක් ලොකු නෑ කියලත් දමිතා කියනවා. මොකද ඇයට අවශ්‍ය ලොකුම දේ අපේ රටේ මිනිසුන්ට හොඳින් ජීවත්වෙන්න පුළුවන් රටක් ඇතිකරන්නලු. ඒ වගේම ඇය දැකපු ප්‍රතිපත්ති මාලාවන් තුළ හොඳම ප්‍රතිපත්ති මාලාව තිබුණේ සජබයට කියලයි ඇය කියන්නේ. ඉතින් මිනිස්සු වෙනුවෙන් දෙයක් ඉල්ලන්න පුළුවන් වේදිකාවක හිටගත්තා කියන විශ්වාසය තිබෙන නිසා ඇය ගිහින් ඉල්ලන්නේ අරගලයේ අරමුණු ටික ඉෂ්ට කරන්න කියලා විතරයි කියලයි දමිතා අවසාන වශයෙන් පවසලා තිබුනේ.