Watapita

Just another WordPress site

මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 15ක්, පවුල් පසුබිම නිසා මම කවදාවත් වැඩිහිටියන්ට පමණයි නිර්මාණ බාරගන්නේ නැහැ-ධනංඡි තාරුකා

පුංචි තිරය, රිදී තිරය, වේදිකාව මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය දැන් කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ 2023 වසරට අවුරුදු 15ක් විතර වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් නොවුණානම් බන්ධනාගාර නිලධාරිනියක් වෙන්න තිබුණා කියලත් ධනංජි කියනවා. මොකද ඇයගේ තාත්තා න්ධනාගාර නිලධාරියෙක් නිසා ඇය හැදුණේ වැඩුණේ බන්ධනාගාර නිල නිවාසවල. ඒ වගේම ඇය උපන් දා ඉදන්ම තාත්තාව බොහෝ වෙලාවට දැක්කේ ඒ නිල ඇඳුමෙන් කියලයි ඇය කියන්නේ. ඒ නිසා තාත්තා වගේ වෙන්න තමයිලු ඇය ඉස්සර ඉදන්ම ආස කළේ. ඒ වගේම ඇය ඉගෙන ගත්තේ ඒ තැනට යන්න අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගනිමින් වුනත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම අහම්බෙන් කලාවට ආව නිසා තිබ්බ ආසාව මඟ හැරුණා කියලත් ධනංජි කියනවා.

ඒ වගේම ඇය හැදුණු පවුල් පසුබිම සහ පවුලේ තිබුණු ආභාෂය එක්ක කවදාවත් ඇය වැඩිහිටියන්ට පමණයි නිර්මාණ භාර ගන්නේ නැහැලු. ඉතින් පිටපතක් ලැබුණාම ඇයට ගැලපෙන චරිතයක් ද කියන එක ගැන හිතලා ඇයට ගැලපෙන සුදුසු චරිතයක් නම් ඇය කරනවාලු. ඒ වගේම ඇයගේ ආදරණීය සැමියත් මේ වෙද්දී රංගනයට පිවිසිලයි ඉන්නේ. ඉතින් ඔවුන් විවාහ වෙද්දී ඔහු කළා ක්ෂේත්‍රයේ නෙවෙයි වුනත් ඇය ඔහුව වර්ක්ෂොප්වලට එක්කගෙන ගිය නිසා දැන් නම් ඔහු ඔහුගේ ගමන යන්න මාර්ගය හදාගෙන තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහුට දැන් නිර්මාණ ලැබෙන නිසා ඒ ගැන ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා.

ඒ වගේම මේ පෙබරවාරි 14 වෙනිදට ඔවුන් විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවාලු. ඒ වගේම මේ වෙද්දී ඔහුත් ඇයත් නිර්මාණවලට දායක වෙලා ඉන්න නිසා ඔවුන් දෙන්නම හිතුවාලු ළමයෙක් හදන්න තව ටික කාලයක් ඉමු කියලා. හැබැයි ලොකු සැලසුම් නැති නිසා එන්න ඉන්න කෙනා එන කාලයක එයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *