මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් නිසා මට පොඩි කාලේ ඉදන්ම ඉංග්‍රීසි පුළුවන්, ළඟදීම මම ශලනි එක්ක පුංචි තිරයේ රඟපානවා-ධනූ ඉන්නසිතම්බි
අපේ රටේ ඉංග්‍රීසි රේඩියෝ කලාවට සහ ඉංග්‍රීසි නිවේදන අංශය ගැන කතා බහ කරද්දී අපට අමතක කරන්නම බැරි නමක් තමයි ධනු ඉන්නසිතම්බි කියලා කියන්නේ. ඒ වගේම හැමෝම ඔහුට ආදරේට කතා කරන්නෙ ‘ධනු’ කියලයි. ඉතින් ඉංග්‍රීසි මාධ්‍යයේ නිවේදන ශිල්පියකුට අමතරව, රංගන ශිල්පියකු වන ඔහු ‘Hi’ ටී.වී. නාලිකාවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා. ඒත් එක්කම මේ දිනවල ඒ සියල්ලට අමතරව සිනමා නිර්මාණයක් හරහාද ඔහු ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ ‘යාළුවෝද යාළුයිද’ ෆිල්ම් එකේ චරිතයකින්. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු ඉස්සෙල්ලාම රඟපෑවේ ‘ස්වර’ ෆිල්ම් එකේ කියලයි ධනු කියන්නේ. ඊට පස්සේ ඔහුට ඉන්දියාවේ ෆිල්ම් එකක රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඒක ෂූට් කළේ ලංකාවේ. හැබැයි ඒක තවම රිලීස් වෙලා නැහැ. ඒ වගේම ඔහුගේ ගම යාපනය. ඔහුට වයස් අවුරුදු 6 දී තමයි ඔහුගෙ තාත්තා මිය ගිහින් තියෙන්නේ. ඉතින් සමහරවිට ඔහුගේ තාත්තාට ඒ කාලයේ රටේ තිබුණු ප්‍රශ්න එක්ක ඒවා දරා ගන්න අසීරු වෙන්න ඇති කියලයි ඔහු කියන්නේ. ඉන් පස්සෙ ඔහුගේ ජීවිතය වෙලා තියෙන්නේ අම්මා. ඉහින් ඔහුගේ පවුලේ ඉන්නේ අම්මයි, ඔහුයි, අක්කයි.

අම්මා වැඩ කරලා තියෙන්නේ ගුරුවරියක් විදිහට. ඉතින් ලොකු ලොකු දේවල් නැති වුණාට, ටී.වී. එකක්, ඇඳක් තියා සුඛෝපභෝගී දේ නොතිබුණාට ඔවුන් ජීවත් වුණේ හරි සතුටින් කියලත් ධනු කියනවා. කොහොම නමුත් ඔහුගේ අම්මාත් නැති වෙලා තියෙනවා මීට අවුරුදු 13කට කලින්. ඒක තමයිලු ඔහුගේ ජීවිතේ වඩාත්ම ශෝකජනකම සිදුවීම. ඒ වගේම ඔහු ජීවිතේ වැඩියෙන්ම සතුටු වුනේ ස්ටේජ් එකේ ඉන්න වෙලාවට කියලයි ඔහු කියන්නේ. ඉතින් සිංදු කියන්න, නටන්න, රඟපාන්න ඒවාට හරිම ආසා කළා වගේම ඔහු ගායන කණ්ඩායමේ ලීඩර් වෙලත් හිටියාලු.

ඒ වගේම ඔහුගේ අම්මා ඉංග්‍රීසි භාෂා ගුරුවරියක්. ඒ නිසාම අම්මා ඔහුට පුංචි කාලේ ඉදලාම කියලා තිබුණෙ කතා කරද්දි අහගෙන ඉන්න කියලලු. ඉතින් ඒ විදිහට පටන් ගත්තත් පස්සෙ ගායනා කණ්ඩායමට ගියාට පස්සෙ තමයිලු ඔහු වචනවල උච්චාරණය හරියට දැන ගත්තෙ. ඒ වගේම ඔහුට ඕස්ට්‍රේලියානු ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් මෑතකදී ෆිල්ම් එකකට ආරාධනා ලැබිලා තියෙනවා.මොකද ඔහුගේ ෆිල්ම් එක ෂූට් කරන්නෙ ලංකාවෙ නිසා. ඉතින් ඔහුට ආරාධනා කළාම ඒක බාර ගත්තා කියලයි ධනු කියන්නේ. ඊට අමතරව ශලිනි තාරකා එක්ක ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.