Watapita

Just another WordPress site

මෝ කැප් ඇක්ටර් කෙනෙක් විදිහට ගජමෑන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම මට ලොකු සතුටක්-දසුන් පතිරණ

පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රන්ගනශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. ඒ වගේම මීට දින කිහිපයකට පෙර පැවැති සුමති සම්මාන උළෙලේදී ඔහුට විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා බවට පත්වීමට වාසනාව හිමි වුණා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ දවස්වල මැස්සා ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා කියලයි දසුන් කියන්නේ. ඒ වගේම යූටියුබ් එකේ අලුතින් පටන් ගත්ත සුපුන් රත්නායකගේ හියුමන් එරර්ස් කියන අලුත්ම නිර්මාණයේ වැඩ කටයුතු කරගෙන යනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු රංගනයෙන් දායක වුන ගිරිදේවි කියන්නේ 2020 කරපු නාට්‍යයක්. ඉතින් මේ නිර්මාණය ඔවුන් කරලා බොහෝ කාලයක් ගෙවිලා වුනත් සම්මානයක් ලැබෙනවා කියන එක කලාකරුවෙක්ට විශාල තෘප්තියක් ලැබෙන දෙයක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ලංකාව වගේ රටක සම්මානයක් හරි තිබෙන එක ලොකු දෙයක් කියලත් දසුන් කියනවා. කොහොම නමුත් සම්මානයක් අරගෙන පහුවදා වැඩට ආවට පස්සෙ වෙනදා වගේම ගිහින් රූගත කිරීම්වලදී අර දුකම විඳින්න ඕන කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු දරුණුවටම ටෙලි දුක විඳින කාලයක තමයිලු ඔහුට සම්මානය ලැබෙන්නේ. ඒ වගේම ඇත්තටම සම්මානයක් ලැබීම ලොකු මෝටිවේෂන් එකක් කියලත් ඔහු කියනවා.

හැබැයි ඔහු කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරලා නැහැලු. කොහොම නමුත් ඔහුට රොෂාන් රවින්ද්‍ර සහ බිමල් ජයකොඩි එක්ක නොමිනේට් වීමම පොඩි ආතල් එකක් තිබුණාලු. ඉතින් ඔහු කිසිවිටෙක මේ සම්මානය ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් මේක ඔහුට ටෙලි නාට්‍යයක හොඳම නළුවා සඳහා සම්මානය මට ලැබුණ පළමු අවස්ථාව. ඒ වගේම ඔහු රංගනයෙන් දායකවුණු ගජමෑන් චිත්‍රපටය මේ දිනවල ආදායම් වාර්තා තබමින් විකාශනය වෙනවා.

ඉතින් ඒක ඔහුට ලොකු ආඩම්බරයක් කියලයි දසුන් නම් කියන්නේ. ඒ වගේම ලංකාවේ මෝ කැප් ඇක්ටර් කෙනෙක් විධියට ගජමෑන් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම ඔහුට ලැබුණු මහඟු අවස්ථාවක් කියලත් ඔහු කියනවා. ඉතින් අවුරුදු ගාණක කාලයක් ගත කරලා කරපු විශාල වැඩක් කරලා මේ මොහොතේ මිනිස්සු ඒක බලන එක ලොකු සතුටක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔවුන් නිර්මාණයක් සිදුකරලා අන්තිමටම යන්නේ ප්‍රේක්ෂකයා ගාවට නිසා ගජමෑන් කියන්නේ මේ වන විට සුපර් හිට් එකක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *