Watapita

Just another WordPress site

ගල් වරුසාවක් මැද්දේ වුනත් මම පුංචි කාලේ ඉදන්ම දැකපු හීන තුනම දැනටමත් සැබෑ කරගන්න මට පුළුවන් වුණා-දසුනි නවෝද්‍යා

2021 අයි.ටී.එන් අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකර ගනිමින් කළා ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ සුරූපී නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් තමයි දසුනි නවෝද්‍යා කියලා කියන්නේ. ඉතින් ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරිගේ අලුත්ම ගීතය වන ‘ඔබ කොතැනද’ කියන ගීතයේ නවතම මියුසික් වීඩියෝව ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක හමුවට එනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් 2021 අයි.ටී.එන්. අවුරුදු කුමරිය වීමත් එක්ක ඇයට එහි නිවේදිකාවක් වීමේ අවස්ථාව ලැබුණා කියලයි දසුනි කියන්නේ. ඒත් එක්කම රංගනය සඳහාත් ගොඩක් ආරාධනා ලැබුණා කියලත් ඇය කියනවා. ඒ ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේම මියුසික් වීඩියෝ සඳහා. කොහොම නමුත් ඇය ඒ වෙද්දිත් ඒකමතිකව තීරණය කරලා තිබුණාලු කිසිම රංගන කටයුත්තකට දායක වෙන්නෑ කියලා. මොකද ඇයගේ තාත්තා පොඩ්ඩක්වත් කැමැති නැහැලු ඇය රඟපානවට.

ඒ වගේම පුංචි කාලෙ ඉඳන්ම ඇයට හීන තුනක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් එකක් තමයි අවුරුදු කුමරියක් වීම, ඒ වගේම නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වීම. ඒ හීන නිසාම ඇය අවුරුදු කුමරිය සඳහා අයදුම් කලා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ පළමු හීනය සැබෑ වීමත් සමඟම නිවේදන හීනයටත් පාර හැදුනා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇයගේ තුන්වැනි හීනයත් සැබෑවෙලා ඉවරයි කියලත් ඇය කියනවා. මොකද ඇයට රංගනයටත් දායක වෙන්න අවස්ථාව හිමි වුන නිසා.

ඒ වගේම මේ වෙද්දි ඇය රංගනයෙන් දායක වෙන ‘ඔබ කොතැනද‘ මියුසික් වීඩියෝව ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ගොඩක් සතුටු වෙනවාලු මුලින්ම මේ වගේ හොඳ ඉහළම තත්ත්වයේ ගුණාත්මක නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන. ඉතින් ඉදිරියේදිත් මේ වගේ හොඳ ගුණාත්මක, ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලබාගත හැකි නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම නිවේදිකාවක් වෙන්න පෙනුම විතරක්ම තිබිලත් බෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට ඒ අවස්ථාව ලැබෙන්න ඇයගේ අවුරුදු කුමරිය කිරුළ වගේම ඇයගේ නිවේදන හැකියාව එක්ක වාසනාවත් මුසුවෙන්න ඇති කියලත් දසුනි කියනවා. ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම හැම දෙයක් ගැනම ඇයට හැකියාවක් තිබුන නිසා නිවේදනය වගේම නර්තනයත් ඇය හොඳින් හදාරලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *