මම රංගනයට තිත තියලා ඩුබායිවල ගුවන් සේවිකාවක් වුණා, මගේ සාර්ථකත්වයට හේතුව ආදරයෙන් පැරදුන එක-දේශානි නෙහාරා
පාරදිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යාගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි දේශානි නෙහාරා කියලා කියන්නේ. කොහොම නමුත් ඇය පහුගිය දවසක හදිස්සියෙම ලංකාව අතෑරලා පිටරටක පදිංචියට ගිහින් තියනවා. ඉතින් මේ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් ඩුබායිවල ඉන්න ඇයගේ අක්කා සංචාරයකට එහාට එන්න කියලා කියලා ඇය ඩුබායි වලට ගියාට පස්සේලු දැනගත්තෙ අක්කා එන්න කියලා තිබුණෙ සංචාරයකට නෙමෙයි කියලා. මොකද ඇයටත් නොකියා හොරෙන්ම ඩුබායිවල ගුවන් සේවිකා රැකියාවක් අක්කා ඇයට හොයලා ලෑස්ති කරලා තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ වෙද්දි ඇය ඒ ගුවන් සේවිකා රැකියාවට බැඳිලා ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා කියලත් ඇය කියනවා. ඉතින් රැකියාව නිසා ඇයට ඩුබායිවල පදිංචිවෙන්නෙ සිද්ධවුණාලු.

ඒ වගේම පුංචි කාලෙ ඉඳලා ඇය දැකපු හීන දෙකක් තිබුණා කියලයි දේශානි නම් කියන්නේ. එකක් නිළියක් වෙන එක වගේම අනිත් හීනය ගුවන් සේවිකාවක් වෙන එක. ඉතින් නිළියක් වෙන හීනය ඇය සැබෑ කරගත්තේ නිර්මාණවලින් ආරාධනා ලැබෙන රසිකයන් අතර ජනප්‍රිය නිළියක් බවට පත්වෙමින් කියලත් ඇය කියනවා. ඉතින් නිළියක් විදිහට සාර්ථක ගමනක් පේන්න තියෙද්දි තමයි ඇයට ගුවන් සේවිකාවක් වෙන්න අවස්ථාව හම්බ වෙන්නෙ. ඒ නිසාම ඇයට හිතුණාලු මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ ඇයගේ අනිත් හීනය සැබෑ කරගන්න කියලා. ඉතින් ඇය ඒක ආසාවෙන් භාරගත්තා කියලයි ඇය කියන්නේ.

හැබැයි ඇය ගුවන් සේවිකාවක් වෙන හීනය සැබෑ කරගත්තෙ රංගන ජීවිතයට සදහටම තිත තියන බලාපොරොත්තුවෙන් නෙවෙයි කියලත් ඇය කියනවා. ඒ නිසාම නිවාඩු ලැබුණාම ආපහු ලංකාවට ඇවිත් රංගන කටයුතුවල නිරවෙනවා කියලයි දේශානි කියන්නේ. ඉතින් ගුවන් සේවිකාවක් විදිහට වගේම නිළියක් විදිහටත් දිගටම වැඩකරන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයට මේ වෙද්දී ප්‍රේම සම්බන්ධතා කීපයක් තිබිලා තියනවා වුනත් ඒ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණ එක ගැන අද ඇත්තටම සතුටු වෙනවා කියලයි ඇය කියන්නේ. මොකද අද ඇයගේ ජීවිතය සාර්ථක වෙලා තියෙන්නෙ ඒ නිසා. ඉතින් ඔවුන්ට ඒකට ස්තුතිවන්ත වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් වෙද්දි ඇයගේ එකම අරමුණ ගුවන් සේවිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහට සාර්ථකව ඉදිරියට යන එකලු. ඒ නිසා දැන්ම ප්‍රේමයක් ගැන හිතන්න අදහසක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.