මට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ සිංහල ප්‍රේක්ෂකයන්ගෙන්, මම කවදා හරි විවාහ වෙන්නෙත් සිංහල කෙල්ලෙක් එක්ක-දර්ශන් තවරාජා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන හිතුවක්කාර ටෙලිනාට්‍යයේ කෙවින්ගේ චරිතය හරහා වගේම ශක්ති ටෙලිනාට්‍යයේ වර්ණගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි දර්ශන් තවරාජා කියලා කියන්නේ. ඒ වගේම ඔහු දක්ෂ නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්ථන ශිල්පියෙක් මෙන්ම චිත්‍ර ශිල්පියෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අද වෙද්දි සිංහල රසිකයන් අතර ඉහළින්ම ඉන්න චරිතයක් වන ඔහුට පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් 10 දෙනා අතරටත් එන්න හැකියාව ලැබුණා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු වගේ කෙනෙක්ට වසරක් වගේ කෙටි කාලයක් තුළ මේ ලැබෙන ප්‍රතිචාර සියල්ල සිහිනයක් වගේ කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහුගේ පළමු මියුසික් වීඩියෝ එක වන ‘කළුවරට හිත බය හින්දා’ ගීතය ඔහුගේ මුළු ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යය වුණා කියලත් දර්ශන් කියනවා. ඉතින් ඔහු ඒ සින්දුවට ඇක්ටින් කරන්න ගියත් ඒ රූප රචනාව මේ තරම් දුරක් ඔහුව අරගෙන එයි කියලා ඔහු හිතුවෙත් නැහැලු. ඒ වගේම ඔහුටත් සින්දු කියන්න ඕනේ කියන ආසාව ආවේ අයෂ්මා තත්සරණි එක්ක ගැයූ දීප දීප (දීපාවලී රෑ) සින්දුවෙන් පස්සේ කියලත් ඔහු කියනවා.

ඉතින් ඔහු තවම රඟපාලා තියෙන්නේ නාට්‍යයක දෙකක පමණක් නිසා ඒ චරිත කළාට ඔහු තවම රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්න සුදුසු නැහැ කියලයි දර්ශන් කියන්නේ. ඉතින් එහෙම ඉන්න ඔහුව ප්‍රේක්ෂකයින් ජනප්‍රියම තලයේ ඉන්න දහ දෙනා අතරට ගෙනාව එකම ඔහුට ලැබුණු සම්මානයක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයට එන්න උත්සාහ කරන කාලේ ඉඳන් ඔහුට හම්බුණේ සිංහල ගැහැනු ළමයිලු. මොකද ඒ අය දන්නවාලු ඔහුගේ ඉලක්කය සිංහල ක්ෂේත්‍රය කියලා.

ඉතින් ඔහුට එක් කෙනෙක් හිටියාලු දවසකට සිංහල වචන දෙක තුනක් උච්චාරණය කරන විදිය පවා කියලා දෙන. කොහොමත් ඔහුට ගොඩක් ආදරේ කරන සිංහල ගැහැනු ළමයි වැඩියි කියලත් දර්ශන් කියනවා. ඉතින් ඒ එක්කෙනෙක් ඔහුගේ ජීවිතේටම ආවොත් ඔහු ගොඩක් සතුටින් ඉඳියි කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහු ජීවිතේට ලැබෙන කිසි දෙයක් මඟහැර ගන්න කැමැති නැහැ කියලත් දර්ශන් කියනවා. ඉතින් ඔහු දකින විදිහට ඔහුට හැම පැත්තෙන්ම ප්‍රේක්ෂකයින් ඉන්නවා කියලයි දර්ශන් අවසන් වශයෙන් පවසලා තිබුනේ.