Watapita

Just another WordPress site

මම අවුරුදු කුමරිය වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා, එදත් මට ලොකුම ආභරණය වුනේ මගේ කොණ්ඩය-දිලිනි ලක්මාලි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියලා කියන්නේ. ඉතින් මේ 2008 වසරේ ITN අවුරුදු කුමරිය වුනු ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන වගේම මෙවර අවුරුදු සූදානම ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය 2008 ITN අවුරුදු කුමරිය තරගයෙන් ජයග්‍රහණය කරලා මේ වෙද්දී අවුරුදු 15ක් වෙනවා. ඒ වගේම ඒ තරම් කාලයක් ගෙවිලා තියෙද්දීත් ඒ සිදුවීම මතකෙට එනකොට ලොකු සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒම තරගය තිබුණෙ මාතර කඹුරුපිටිය කියන ගමේ. කොහොම නමුත් මේ තරගය වෙනුවෙන් අයදුම්පතක් යොමු කරළා තියෙන්නේ ඇයගේ අම්මා. ඉතින් ITN අවුරුදු කුමරිය තරගය සම්බන්ධයෙන් රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙද්දී ඒක දැකලා තමයි අම්මා ඇයව තරගයට ඉදිරිපත් කරවලා තියෙන්නේ. ඒ වගේම හිතපු නැති විදියට පළමු වටය, දෙවන වටය ඇතුළුව වට ගණනාවක්ම ජයග්‍රහණය කරලා අවසන් තරගකරුවන් 15 දෙනා අතරට එන්න හැකිවුණා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඒ තුළින් අවසන් වටයේ අවුරුදු කුමරිය විදිහටත් කිරුළ පළඳින්නට ඇයට හැකියාව ලැබුණා.

ඒ වගේම ඇය තමයිලු ඒ තරගයෙ කොන්ඩෙ දිගම කෙනෙකුට හිටියෙ. ඉතින් අදටත් කොන්ඩෙට ආදරය කරන ඒ ගැන ඇයගෙන් අහන බොහෝ දෙනෙක් ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගෙ කොණ්ඩෙ නිසා තමයිලු ඇය මෙවැනි ජයග්‍රහණයක් ලැබිලා අද රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නෙ. ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදියට කරපු චරිතවලින් පසුකලෙක ඇයව ප්‍රේක්‍ෂකයෝ දැනගත්තට අදටත් ගොඩක් දෙනෙක් ඇයව හඳුනන්නෙ කොණ්ඩෙ දිග නිළිය නැත්නම් කොණ්ඩෙ දිග දිලිනි කියලයි ඇය කියන්නේ. ඒ ඉතින් ඇයට මේ ගමන එන්න ලොකුම ආභරණය වුණේ කොණ්ඩෙ තමයි කියලත් දිලිනි කියනවා.

හැබැයි කොණ්ඩයක් පවත්වාගෙන යනවා කියන දේ ලේසි පහසු දෙයක් නෙමෙයි කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ඇය 2008 වසරෙ අවුරුදු කුමාරි වෙද්දි තිබුණු ඒ කොණ්ඩය දැන්නම් ටිකක් අඩුයිලු. මොකද ඇය 2019 දී කොන්ඩේ ටිකක් අඩු කරළා තියෙන නිසා. නමුත් කොණ්ඩෙට කරන සත්කාරනම් ඒ විදියටම අදටත් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. විශේෂයෙන් හොඳට වතුර බොන එකයි නිදාගන්න එකයි ශරීරයට ඉතා වැදගත් කියලත් ඇය කියනවා.

කොහොම නමුත් පසුගිය අවුරුදු දෙක තුනක් වගේ කාලයක් රටේ පැවැති ප්‍රශ්නත් එක්කත් කොරෝනා ප්‍රශ්නය එක්කත් අවුරුද්දක් හරියට සමරන්න හැකිවුණේ නැහැනෙ. නමුත් මෙවර වෙනත් අවුරුදුවල වගේ පුරුදු විදියට ඇඳුම් පැළඳුම් අරගෙන කෑම බීම හදලා බොහෝ දෙනෙක් ලෑස්ති වෙනවා. ඉතින් මේ අවුරුද්දෙ ඇයටත් ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න හැකිවෙලා තියෙනවා කියලයි දිලිනි කියන්නේ. මොකද පසුගිය කාලෙ ඇය වැඩිපුර අවුරුදු සැමරුවෙ විවිධ නාළිකාවල නිසා. නමුත් මෙවර ඇයට ගෙදර අය එක්ක අවුරුදු චාරිත්‍ර කරන්න හැකිවෙලා තියෙන නිසා මේ වතාවෙ ඒ චාරිත්‍ර නිසි විදියට ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *