දිග කොණ්ඩය මගේ හැමදේකටම වගේම කළා ජීවිතේටත් ලොකු ආභරණයක් වුණා, ළඟදීම මම විවාහ වෙනවා-දිලිනි ලක්මාලි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ චේතනා ලියනාරච්චිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි කියලා කියන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් ඇය හඳුන්වන්නේ ‘කොණ්ඩෙ දිග දිලිනි’ කියලයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ කොණ්ඩය රංගන ජීවිතේට වගේම ඇයගේ පෞද්ගලික ජිවිතේටත් ආභරණයක් වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම විශේෂයෙන් දේවල් නොකළත් පෞද්ගලිකව ඇය කොණ්ඩය රැක බලාගන්නවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් රංගනයේ දී දිගු කොණ්ඩයක් තිබීම නිසා එක රාමුවකට කොටු වුණා වගේ හැඟීමක් සමහර අවස්ථාවලදී ඇයට ඇතිවෙලා තියෙනවාලු. නමුත් කොණ්ඩයයි, පෙනුමයි එක්ක මුලදි ඇයට ගොඩක් ලැබුණේ ගැමි චරිත වුනත් ඒ ගැන ඇයට දුකක් නැහැ කියලයි දිලිනි කියන්නේ.

ඒ වගේම 2008 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය වුණේ ඇයයි. ඉතින් ඊට පස්සෙ තමයි ජානක සිරිවර්ධනගේ ‘පිනි බිංදු’ කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඇයට ආරාධනා ලැබුණේ. ඒක තමයි ඇයගේ රංගන ජීවිතේ පටන් ගැන්ම. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘කප්සුවහස්කල්’ ටෙලි නාට්‍යයේ පියුමි කියන හෙදියගෙ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසාම අදටත් ඒ චරිතය ගැන කතා කරන පිරිසක් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මෑත කාලීනව සුමුදු රත්නායකගේ ‘මද්දහන’ නාට්‍යයේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය හරිම ආසයිලු වේදිකාවට. කොහොම නමුත් ඇයට 2017න් පස්සේ නම් වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් සිනමාව පැත්තෙන් ගත්තොත් නම් තාම ඇය දායකවෙලා තියෙන්නේ නිර්මාණ දෙකකට විතරයි කියලත් ඇය කියනවා. හැබැයි මේ වෙද්දී ඇය ටෙලි නිර්මාණ 45කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ඇය මේ වසරේ මැදදී වගේ විවාහ උත්සවය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් දිලිනි කියනවා. ඉතින් ඔහු කළා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයිලු. ඔහු වෙන වෘත්තියක නියැළෙන කෙනෙක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.