මම මගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව හෙමින් ගමනක් යන කෙනෙක්, මගේ අපිළිවෙල තැන් පිළිවෙලක් කලේ නදුන්-දිල්කි උරේෂා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නිරන්තරයෙන්ම අලුත් ගීත හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියනේ. ඒ වගේම ඇය ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කහ බහට ලක්වුණේ ප්‍රසංග වේදිකාවක් ඇති වූ යම් සිද්දියක් නිසයි. කොහොම නමුත් පහුගිය දවසක කඩවසම් තරුණයෙක් වන නඳුන් ගිම්හාන සමගින් විවාහ දිවියට ඇතුළත් වුන ඇයගේ ජීවිතේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ආදරය ගැන ගීත ගොඩාක් ගායනා කරලා තියෙනවා වගේම මෙතරම් කාලයක් ඇයගේ ආදරණීය රසිකයන් ආදරයෙන් ඒ ගීත ඔවුන්ගේම කරගෙන තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ආදරණීයයන් වෙනුවෙන් ගීත ගායනා කළ ඇයට ඇයගේ ආදරය ඇයගේම කරගන්න අවස්ථාව ලැබුණා කියලත් දිල්කි කියනවා. ඒ වගේම ප්‍රේමවන්තයන් හැටියට සුන්දර කාලයක් ගත කරලා තමයි ඇය නඳුන් සමග විවාහ ජීවිතයට ඇතුළත් වුනේ. ඉතින් ඇයගේ ජීවිතේ ඔහු තමයිලු ඇයට ලැබුණු ආදරණීයම තෑග්ග. ඒ වගේම නඳුන් ඇයව හැම වෙලාවකම තේරුම් ගත්තා කියලත් දිල්කි කියනවා.

ඒ වගේම පෙම්වතියක් විදිහට ඇය නඳුන්ගේ ආදරය අඩුවක් නැතුව වින්දා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අද බිරිඳක් හැටියටත් ඒ ආදරය ඒ විදිහටම විඳිනවාලු. ඉතින් ඔහු ඇයගේ වැඩකටයුතුවලට ලබාදෙන සහයෝගය වචනවලින් විස්තර කරන්න බැරි තරම් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ ජීවිතයේ අපිළිවෙළට තිබුණු සමහර තැන් පිළිවෙළක් කළේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා කියලයි දිල්කි නම් කියන්නේ.
කොහොම නමුත් ඇය දැන් විවාහයෙන් පසුව ලංකාව අතහැරලා යනවද කියලා ඇයගෙන් ගොඩක් දෙනෙක් අහනවාලු. ඉතින් ඇයගෙ හස්බන් ව්‍යාපාරිකයෙක් නිසා ඔහු රැකියාව කරන්නේ විදේශ රටක. ඒ නිසා ඇයත් සමහර වෙලාවට ඔහු සමග ඒ රටට යනවා කියලයි ඇය කියන්නේ. ඒත් ලංකාව අත්හැරලා දාලා ස්ථිරවම වෙන රටක පදිංචියට යන්න තීරණයක් අරගෙන නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ කලා කටයුතු සිදුවෙන්නේ ලංකාවේම නිසා ඇය ලංකාවේ ඉන්නවාලු.

ඒත් එක්කම ඇය ඇයගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හෙමින් ගමනක් යන කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ දවස්වල ඇය තවත් අලුත් ගීතයක් ආදරණීය රසිකයන්ට තිළිණ කිරීමට සූදානමින් වෙමින් ඉන්නවා. ඉතින් ඒ ගීතයත් ආදරණීයම නිර්මාණයක් වෙනවාට කිසිම සැකයක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.