Watapita

Just another WordPress site

අම්මගෙයි තාත්තගෙයි නම විකුණගෙන කන්න මම කැමති නැහැ, මම බොහොම හෙමින් සතුටින් ගමනක් යන කෙනක්-ඩිල්මින් පෙරේරා

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න පරම්පරාවෙන්, මාපිය ආභාෂයෙන් සහ උරුමයෙන් ලද සංගීත හැකියාවන් ඔප් නංවා කළා ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් යන දක්ෂ ගායන ශිල්පියෙක් තමයි ඩිල්මින් පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් ඔහුව දන්නේ ප්‍රියංකර, දිල්හානිගේ පුතු විදිහට. හැබැයි ඔහු නම් තාත්තාගෙයි අම්මාගෙයි, සීයාගෙයි නම් පාවිච්චි කරලා ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් නම් නෙවෙයි. ඉතින් ‘ශෝබනා’ කියන අලුත්ම ගීතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඩිල්මින් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම ඔහු සම්බන්ධ වෙලා ඉන්න පොයින්ඩ් ෆයිව් බෑන්ඩ් එකේ නදීමාල් පෙරේරා සහ ඔහු තමයි ගායකයෝ විදිහට වැඩ කරන්නේ. ඉතින් මේ අවුරුද්දේ බෑන්ඩ් එකේ අලුත්ම ගීතයත් රිලීස් කරන්න ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම දැන් ඔවුන්ගේ බෑන්ඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු බොහොම හෙමින් සතුටින් තමයිලු මේ ගමන යන්නේ. ඉතින් ඔහු කලාකරුවෙක් විදිහට ඔහුගේ අඩිතාලම පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන යනවා කියලයි ඩිල්මින් කියන්නේ. ඒ වගේම ලොකුවට ඔහුගේ සින්දු හිට් වෙලා නැතිවුණාට ඔහුගේ ගමන සතුටින් යනවා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු දඩයම චිත්‍රපටය හරහා රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහුට මහලොකු සිනමා අත්දැකීම් නැති වුනත් මීට කලිනුත් චිත්‍රපටයක පොඩි කොටසක් රඟපාලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු බොහොම නිහඬ චරිතයක් නිසාම බොහොම කිට්ටුම යළුවෝ කිහිපදෙනෙක් තමයිලු ඔහුට ඉන්නේ. ඉතින් ඔහුගේ මුහුණ ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඔහුගේ සින්දු මිනිස්සු අතරට යනවා නම් කැමැතියි කියලත් ඔහු කියනවා. මොකද ඔහුගේ ආර්ට් එකට ෆෑන් බේස් එකක් හදාගන්න තමයිලු ඔහු ට්‍රයි කරන්නේ.

ඒ වගේම සංගීත වැඩවලට ඔහුගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් ඩිල්මින් කියනවා. මොකද ඔහුගේ ඇඳුමේ ඉඳලා ඇය තමයිලු හැමදේම බලන්නේ. ඒත් එක්කම ඇයගේ මියුසික් වීඩියෝ එකක් ගියොත් අනිවාර්යයෙන්ම ඇය එකේ ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු කවදාවත් අම්මගෙයි තාත්තාගෙයි නම ඉස්සරහට ගේන්නේ නැහැ කියලත් ඩිල්මින් කියනවා. ඉතින් ඔහු හිතන්නේ ඔහුගේම කියලා දෙයක් හදාගත්තා නම් දිගු ගමනකට හොඳ නිසා අම්මා තාත්තා විකුණාගෙන කනවාට වඩා ඒක වටිනවා කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *