Watapita

Just another WordPress site

මගේ සැමියා සිදත් වෙත්තමුණිගේ පුතා සංජය වෙත්තමුණි, මම මුලින්ම රංගනයට ආවේ වේදිකාවෙන් -ඩිනාරා පුංචිහේවා

මේ දිනවල රිදී තිරය ඔස්සේ අරගල, නවක වදය, දේශපාලන මැදිහත්වීම් විශ්වවිද්‍යාල ජීවිතය තුළ එදා මෙදාතුර දැකිය හැකි දේය පිළිබද සියුම් අධ්‍යයනයක යෙදෙන මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ පළමු දිගු සිනමා සිත්තම ලෙසින් දිගහැරෙන ‘සහෝ’ චිත්‍රපටයේ කථිකාචාර්යවරියක ලෙස විශිෂ්ට රංගනයක යෙදෙන නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ මුල්ම සිනමා අත්දැකීම තමයි ගාඩි චිත්‍රපටය. ඒ වගේම එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට පෙර ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මානයට පාත්‍ර වුණා. ඉතින් සහෝ කියන්නේ ඇයගේ දෙවැනි සිනමා අත්දැකීම. එයත් මේ වනවිට ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මාන රැසක් හිමිකරගෙන තියෙනවා. ඒ නිසාම අද ඇයට පුදුම සතුටක් දැනෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සම්මාන ගැන නම් ලොකු බලාපොරොත්තුවක් නෑ කියලත් ඩිනාරා කියනවා. මොකද මේ වගේ හොඳ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමම ඇයට සම්මානයක් තමයිලු.

ඒ වගේම ඇතුගල සර් කියන්නේ පුදුමාකාර දැනුමකින් සන්නද්ධ චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහු විශ්වවිද්‍යාල ජීවිතේ තුළ ලබාගත් අත්දැකීම් ගොඩක් මෙම චිත්‍රපටයට ඉවහල් වෙන්න ඇති කියලත් ඇය කියනවා. ඒ වගේම ඇතුගල සර් ගොඩක්ම වේදිකාව හා සම්බන්ධ කෙනෙක්. ඉතින් ඇයත් මුලින්ම ආවේ වේදිකාවෙන් නිසා සිංහල වගේම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට ඇය ගොඩක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට වේදිකා නාට්‍යවල එක්සසයිස් ක්‍රම තමයිලු ඇතුගල සර් මේ සඳහා යොදා ගත්තේ.

ඒ වගේම ඇයගේ සැමියා ලොවක් හඳුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ පුතා බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඔහු තමයි සංජය වෙත්තමුණි. ඒ වගේම ඔහු ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ ගුවන් කපිතාන් කෙනෙක් විදිහට රැකියාව කරනවා. ඉතින් ඔවුන් ක්ෂේත්‍රයන් දෙකක වුණත් ඔවුන් අතරේ හොඳ අවබෝධයක් තියෙන නිසා ඔහු ඇයගේ ගමනට ලොකු සහායක් දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *