මම රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් ගුරුවරියක්, ඉතින් ඉස්සර ඉදන්ම දැකපු හීනය දැන් සැබෑ වෙලා-ඩිනාරා පුංචිහේවා
මේ දිනවල තිරගත වන ප්‍රසන්න විතානගේ ගේ ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය උඩරට වංශවත් තරුණියකගේ සිට ගාඩි කුලයේ තරුණියක දක්වා එකම චිත්‍රපටයක අන්ත දෙකක රංගන පරාසයක චරිතයක් තමයි ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතයෙන් නිරුපණය කරන්නේ.

ඉතින් ඇය පුංචි කාලේ ඉඳලම කලාව පැත්තට වැඩියෙන් කැමැත්තක් දැක් වූ කෙනෙක් කියලයි ඩිනාරා කියන්නේ. ඒ වගේම ඇය ඉස්කෝලෙ යන කාලේ ඉඳලම නාට්‍යවල රඟපාන්න සම්බන්ධ වුණු කෙනෙක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඉස්කෝලෙන් පස්සේ ඇය උසස් අධ්‍යාපනය සඳහාත් තෝර ගත්තේ නාට්‍ය හා රංග කලාව කියලයි ඇය කියන්නේ.
ඉතින් ඇය එංගලන්තයේ ඉගෙනීමෙන් පස්සේ ලංකාවට ඇවිත් ඉන්නකොට තමයි ප්‍රසන්න විතානගේ මහත්මයාගේ ගාඩි චිත්‍රපටයේ නළු නිළි තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ගිහින් තියෙන්නේ. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ තමයි ඇයට එම චරිතය ලැබුණේ. ඒ වගේම ඇය සම්මුඛ පරීක්ෂණයට යන්නේ 2018 වර්ෂයේ. ඉතින් මාස 08ක් වගේ කාලයක් ඔවුන් පුහුණුවීම් කරලා මාස 03ක් මේ චිත්‍රපටය රූ ගත කළා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම සිනමාවයි, වේදිකාවයි කියන්නේ ගොඩක් වෙනස් දෙකක් කියලත් ඇය කියනවා. ඉතින් වේදිකාවෙදි ඇය හැඟීම් පෙන්වන කොට ගොඩාක් ලොකුවට පෙන්නුම් කරනවා වුනත් සිනමාවට එහෙම නෑ කියලයි ඩිනාරා නම් කියන්නේ. ඉතින් මේ මාධ්‍යය දෙකම හඳුනා ගෙන සිනමාවට එන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා කියලත් ඇය කියනවා. මොකද වේදිකා රංගනය තුළ හොඳ හික්මීමක් තියෙන නිසා ඒ හික්මීම දැනගෙන ඉන් වෙනස් මාධ්‍යයක් වුණු සිනමාවට ඒමට හැකි වීමෙන් සිනමාව තුළත් ඒ හික්මීම ඇතිකර ගැනීමට ඇයට ලොකු අවස්ථාවක් වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ගාඩිවලින් පස්සේ චිත්‍රපට 4ක් කරලා තියෙනවාලු. ඒ තමයි සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපට දෙකක් වන ආශූ සහ විහඟ ප්‍රේමය කියන චිත්‍රපට දෙක. ඊට අමතරව ආචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ චිත්‍රපටයේ සහ රක්ෂා කියලා හින්දි කෙටි චිත්‍රපටයකත් ඇය රඟපාලා තියෙනවා. ඒ වගේම රංගනය ඔස්සේ අනිවාර්යනේම දිගු ගමනක් යන්න තමයිලු ඇයගේ බලාපොරොත්තුව. ඉතින් ඇය පුංචි කාලේ ඉඳලම රංගන ශිල්පිනියක් වෙන්න තමයිලු කැමති වෙලා හිටියේ. ඒ වගේම ඒ හීනේ මගේ දැන් සැබෑ වෙලා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ වනවිට ජාත්‍යන්තර පාසලක නාට්‍ය උගන්වන ගුරුවරියක් විදිහටත් සේවය කරනවා. ඉතින් වෘත්තියක් හැටියට ඇය නාට්‍ය උගන්වනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.