Watapita

Just another WordPress site

මම ටිකක් නපුරු වුනාට පොඩි දේටත් අඬනවා, සමහර සිංදුවල විෂුවල් බලද්දිත් මට ඇඩෙනවා-දිනුකි අතපත්තු

තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණය වන ‘හිච්චි’ ටෙලි නාට්‍යයේ අරුන්‍යාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනුකි අතපත්තු කියලා කියන්නේ. ඒ වගේම ඇය මීට පෙර දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් හරහාද ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් රංගනයට අමතරව දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පුංචි කාලේ ඉදන්ම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න වුනත් ඇයට ගෙදරින් එයට අවස්ථාව ලැබුණේ නැහැ කියලයි දිනුකි නම් කියන්නේ. ඒ වගේම ඇය පාසල් යන කාලේ ටිකක් ලැජ්ජාශීලි චරිතයක් කියලත් ඇය කියනවා. ඒ නිසා පාසැල් යන කාලේ ඇය කිසිම දෙයකට ඉදිරිපත් වෙලත් නැහැලු. කොහොම නමුත් 2019 දී චන්දිමාල් සහ ඉන්දුමාලා පැවැත්වූ අවුරුදු කුමාරි තරගයෙන් ඇයට දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් එතැනින් පස්සේ තමයි ඇය කලාවට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඇය මුලින්ම සම්බන්ධ වුණේ දෙවැනි ඉනිමට. ඉතින් දෙවෙනි ඉනිම නාට්‍යෙය් පොඩි කොටස් කිහිපයකට ඉන්න අවස්ථාව හිමි වුණා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් මේ කාලයේ ඇය ගොඩක්ම සම්බන්ධ නිරූපණ ක්ෂේත්‍රයට කියලත් දිනුකි කියනවා. ඒ වගේම ඇය ක්ෂේත්‍රයට ආව මුල් කාලේ ගොඩක්ම කළේ වෙ‍ෙළඳ දැන්වීම්ලු. ඉතින් මේ වන විට ඇය වෙළෙඳ දැන්වීම් 20කට වඩා සම්බන්ධ වෙලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අද වෙද්දී ෆැෂන් මොඩ්ලින් පැත්තෙන් ක්ලෝතින් බෑන්ඩ් එක්ක වැඩ කරනවා කියලත් දිනුකි කියනවා.

ඒ වගේම ඇය ටිකක් නපුරුයි වගේම ඉක්මණින් කේන්ති යන කෙනෙක්ලු. හැබැයි පොඩි දේටත් අඬන කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට ඉක්මණට දුක හිතෙනවාලු. ඒ නිසාම සමහර නාට්‍යය සහ ගීතවල රූප රචනා බලලත් ඇය අඬනවාලු. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් ඇය කැමතිම නළුවා නම් ඉතින් හැමෝම වගේ හේමාල් රණසිංහට කියලත් ඇය කියනවා. ඒත් එක්කම කැමතිම නිළිය මේ කාලේ නම් දුශේනි මියුරංගි කියලයි ඇය කියන්නේ. ඉතින් මේ ඇයගේ රංගනයේ පටන් ගැන්ම විතරක් නිසා සාර්ථකව කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *