මම මේ වෙද්දී දෙදහස් වතාවකට වඩා මනාලියක් වෙලා තියෙනවා, හීන මැව්වා වගේම පුංචි රෝස මලක් මටත් ඉන්නවා-දිනූෂා සිරිවර්ධන
වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේම මනාලියන් ලෙස හැඩවෙමින් නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි දිනුෂා සිරිවර්ධන කියලා කියන්නේ. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ නෙතූ ටෙලි නාට්‍යය හරහා රංගන ක්ෂේත්‍රයට එකතු වුනු ඇය නෙතූගේ චරිතය හරහා අපේ රටේ අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක්ද දිනාගැනීමට සමත් වුණා. ඉතින් දැන් විවාහ වෙලා ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දැන් ඇයටත් වඩා ඇයගේ දුව ජනප්‍රියයි කියලයි දිනුෂා නම් කියන්නේ. ඒ නිසා දැන් ඇය කොහේට ගියත් හැමෝම අහන්නේ ඇයගේ ආරාධ්‍යා පුංචි දෝනි ගැනලු. ඉතින් දැන් දුව හරිම කෝලම් මල්ලක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ඉස්සර ඉදන්ම දුවෙක්ට තමයිලු හීන මැව්වේ. ඉතින් ඒ වගේම රෝස මලක් ඇයට ලැබුණා කියලත් දිනූෂා කියනවා.

ඉතින් දැන් දුවට දැන් අවුරුදුු දෙකයි. කොහොම නමුත් දූ ලැබුණට පස්සේ ඇය නිරූපණ කටයුතු ඇරෙන්න ටෙලි නාට්‍ය නම් භාරගත්තෙම නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ දවස්වල නම් වැඩි කාලයක් ගත වෙන්නේ දුවත් එක්ක කියලත් ඇය කියනවා. ඉතින් දුව ලැබිලා ඇය මාසෙන් වගේ නිරූපන කටයුතු පටන් ගත්තා. කොහොම නමුත් දරුවෙක් ලැබුණා කියලා ඇයගේ ඇඟ මහත් වෙලා වෙනස් වුණේ නැත්තේ ඇය කරපු පෙර කරපු පිනක් නිසා කියලයි දිනූෂා කියන්නේ.
ඒ වගේම මේ වනවිට ඇය මනාලියක් ලෙස හැඩ ගැන්වුණු අවස්ථා ගණන දෙදහක් විතර ඇති කියලත් ඇය කියනවා. මොකද ඇය රඟපානවටත් වඩා ආසම මනාලියන් නිරූපනයටලු. ඉතින් ඉස්සර නම් මනාලියක් විදිහට කීප වතාවක් අඳින්න හොඳ නැහැ, නළල් තැල්ල කීපවතාවක් තියන්න හොඳ නෑ වස් වදිනවා වගේ දේවල් කියපු අයත් හිටියට ඇයගේ අක්කාත් නිරූපන ක්ෂේත්‍රයේ හිටපු නිසා ඇයගේ අම්මා ඇය මනාලියන් නිරූපනය කරනවාට ගොඩක් කැමැති වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම නෙතූ ටෙලි නාට්‍යයෙන් තමයි ඇය මුලින්ම ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ. ඒත් ඇය ගොඩක්ම ජනප්‍රිය වුණේ වෙළඳ දැන්වීම් හරහා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ඇය විවාහ වෙලා දුව ලැබුන නිසා ටෙලි නාට්‍ය නිර්මාණ නම් බාරගන්න බැරි වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.