Watapita

Just another WordPress site

මම බාධක ගොඩක් මැද්දේ අමාරුවෙන් තමයි මේ ගමන ආවේ, මම ගායිකාවක් වුනාට වෘත්තියෙන් ගුරුවරියක්-ඩුලානි රාමනාදන්

මේ දින වල ඉතම ජනප්‍රිය ගීතයක් වන ‘දුරතියා’ ගීතය නිසා කා අතරත් අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි ඩුලානි රාමනාදන් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දැන් ගායන ශිල්පිනියක්, ගුරුවරියක් වගේම මවක් නිසා ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා කියලයි ඩුලානි නම් කියන්නේ. ඒ වගේම ඇය වෙලාවකට උණුවෙන හිතක් තියෙන, ටිකක් හිතුවක්කාර චරිතයක් කියලත් ඇය කියන්නේ. ඒ විතරක් නෙමෙයි ෆැෂන්වලට වගේම ෆිට්නස් පැත්තටත් ගොඩක් කැමති කෙනෙක් තමයි ඩුලානි කියන්නෙ. කොහොම නමුත් ඇය දැන් වැඩිපුර වෙලාවක් වෙන් කරලා තියෙන්නෙ ගුරුවරියක් විදියට වැඩ කරන්නලු. ඉතින් මවක් විදියටත් කාර්යබහුල වෙනගමන් සංගීත කටයුතුවලත් නිරත වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය හිතුවට වඩා වැඩි කාලයක් නිහඬ ව ඉන්න සිද්ධ වුන නිසා සුදානම් කියලා හිතුණ වෙලාවේ දුරතියා ගීතයෙන්ම ආපහු එන්න හිතුවා කියලත් ඩුලානි කියනවා. ඉතින් දැන් දුරතියා ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉංග්‍රීසි වගේම සිංහල ගීත ගායනා කරන්නත් ඇය ගොඩක් කැමතියිලු. හැබැයි ඇයට පොඩි කාලේ ඉඳලම අහන්න වගේම කියන්නත් ලැබුණෙ ඉංග්‍රිසි ගීත කියලත් ඩුලානි කියනවා.

කොහොම නමුත් ඇය මෙතෙක් ආපු ගමන ඇත්තටම බාධක මැද්දේ අපහසුවෙන් ආපු ගමනක් නිසා ඒ ආපු ගමන ගැන ගොඩක් සතුටුයි කියලයි ඩුලානි කියන්නේ. ඒ වගේම ඇය කොහොමත් වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක් නිසා ඉදිරියේදී වෙනස් දේවල් ගොඩකින් ඇයව දකින්න හැකි වේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *