මම නළුවෙක් වගේම ගුවන් සේවයේ රැකියාවකුත් කරනවා, ලෝකේ වටේ යන මම දැකපු ලස්සනම රට ලංකාව-දුමේෂ් බණ්ඩාර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ එස්.අයි.දුමේෂ්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි දුමේෂ් බණ්ඩාර කියලා කියන්නේ. ඒ වගේම ඔහු රැකියාව කරන්නේ ගුවන් සේවයේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු ගුවන් සේවයේ රැකියාවක් කරන නිසා ඒ අතරවාරයේදී මේ දිනවල විකාශය කෙරෙන පාරදිගේ නාට්‍යයේ රංගන කටයුතු වලටත් සම්බන්ද වෙලා ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම පාරදිගේ ටෙලිනාට්‍යයට පෙර අග්නිපියාපත් සහ පාර වසා ඇත නාට්‍යය වලට ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඒ විදියට ලැබෙන වෙලාව කළමනාකරණය කරගෙන රංගනයට දායක වෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම මිනිස්සු ඔහුව දැන් හඳුනන්නෙ පාරදිගේ පොලිස්කාරයා කියලලු. ඒ වගේම මේ චරිතේ නමත් දුමේෂ්.

ඉතින් සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ආරාධනයෙන් තමයි ඔහුට මුලින්ම රඟපෑමට අවස්ථාව ලැබිල තියෙන්නේ. ඒ වගේම ඔහු දුමේෂ්ගේ රැකියාවට බාධා නොවන පරිදි නිවාඩු දිනවදි පමණක් දායකවීමට අවස්ථාව ලබා දුන්නා කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ඔහුට ගණකාධිකාරිවරයෙක් වීමේ අරමුණක් තිබුන නිසා ඒ අංශයෙන් තමයිලු ඉගෙන ගත්තෙත්. ඒ වගේම රංගනය ගැන ආසාවකුත් තිබුණා කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් ගුවන් සේවයට යාමේ අරමුණ ඇතිවුණේ පොඩි කාලයේ ඉඳලමලු.

ඒ වගේම ඔහු කලින් ප්‍රේමයක් තිබුනත් දැන් එහෙම නැහැ කියලත් ඔහු කියනවා. කොහොම නමුත් ලෝකය වටේ සංචාරය කරන ඔහු දුටු ලස්සනම භූමි දර්ශනය ඇති රට ලංකාව කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහු ආස කරන කාන්තාවක් තමයිලු බටහිර ගායිකා සෙලිනා ගෝමස්. මොකද ඇය ඒ දිනවල පෙම් කළේ ජස්ටින් බිබර්ට නිසා බිබර්ට අවශ්‍ය විදියට තමුන්ගේ සිරුරේ හැඩය පවා සෙලීනා වෙනස් කර ගත්තා. ඉතින් ඒ වගේ කැපකිරීම් කරන අය අඩු නිසා සෙලිනා ගෝමස් ප්‍රායෝගිකව තමා මොනවගේද කියලා එදා ඔප්පු කර පෙන්වූ තරුවක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.