මට දැන් විවාහ යෝජනා ගලාගෙන එනවා, නමුත් තවම හිත ගිය කෙනෙක් හමුවුනේ නැහැ-දුශේනි මියුරංගි
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුශේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ බන්ටිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය මෙවර සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇයට ජනප්‍රියම සම්මානය ලැබීම තුළ ප්‍රේක්ෂකයන් ඇයව වැලඳගත්තා කියන්නට සාක්ෂියක් ලැබුණා හා සමානයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයට ඇය තවම අලුත් නිසා එවැනි සම්මානයක් ලැබීම ගැන පුදුමයි කියලත් දුශේනි කියනවා. ඒ වගේම ඇය මීට පෙර විවිධ නිර්මාණවලට දායක වී තිබුනත් පාර දිගේ ටෙලිනාට්‍යයේ බන්ටිගේ චරිතය ඇයට ලැබුනේ හරිම වෙලාවට කියලා ඇයට හිතෙනවාලු. ඉතින් පාරදිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා දැනට අවුරුදු දෙකක් ගත වෙනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම එදා ඉඳල ඇයගේ හැමදේම හොඳ විදිහට සිදු වුණා වගේම ප්‍රේක්ෂක ආදරයත් දිනෙන් දින මට වැඩි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ රූපයත් එක්ක මිනිස්සු ඇයව නිගමනය කරන්නේ සීනිබෝල චරිතයක් කියලා වුනත් ඇය ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා ඇයට හිතෙනවාලු.

ඒ වගේම දුශේනි කියන්නේ ගොඩක් තෝරා බේරාගෙන රඟපාන කෙනෙක්. ඉතින් ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට ආරාධනා ලැබුනත් ඇය සීමා සහිතව නිර්මාණ තෝරගෙන ඒවාට දායක වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇයට ආස චරිතයක් ලැබුණොත් ඇය කරනවාලු. ඉතින් බන්ටි කියන්නෙත් ඒ වගේ ඇය ගොඩක් ආස චරිතයක් කියලයි දුශේනි නම් කියන්නේ. ඒත් එක්කම නුදුරේදීම ඇය ආසාවෙන් කළ තවත් නිර්මාණයක් විකාශය වීමට නියමිතයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක් කියලයි ඇය කියන්නේ. හැබැයි ළඟදි විවාහ වීමට නම් ඇයට බලාපොරොත්තුවක් නැහැලු. මොකද ඇය මේ වෙලාවේ පළමුතැන ලබාදෙන්නෙ රංගන ජීවිතයට නිසා. ඉතින් විවාහය ගැන හිතන්නවත් ඇයට වෙලාවක් නැහැ කියලත් දුශේනි කියනවා. කොහොම නමුත් ඇයට දැන් ගොඩක් විවාහ යෝජනා ලැබෙනවා කියලයි ඇය කියන්නේ. නමුත් යම් කෙනෙක්ට ඇයගේ හිත ඇදිලා යන්න ඕනි නිසා එහෙම හිත ගිය තැනක මාළිගාවක් හදා ගත්තොත් ඇය ඒක මුළු ලංකාවටම කියනවා කියලයි දුශේනි අවසාන වශයෙන් පවසලා තිබුනේ.