Watapita

Just another WordPress site

සරණි රෙහාන්ව රවට්ටනවා වගේම මගේ ජීවිතේ මාව රවට්ටපු අය හිටියා, සම්මානයට වඩා ප්‍රේක්ෂක ආදරය බරයි-දුශේනි මියුරංගි

අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණි, එහෙමත් නැත්නම් බන්ටිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුශේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් මේ වන විට ඇයගේ මුල්ම සිනමා රංගනය වන සිංහබාහු චිත්‍රපටයේ සිංහ සීවලීගේ චරිතය හරහාත් දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය නිළිය ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට ජීවිතේ පළමු වතාවට තමයිලු මේ විදිහට සම්මානයක් ලැබුනේ. ඒ වගේම ඇයගේ පළමු සම්මානය ජනතාවගේ ආදරය වෙනුවෙන් ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඉතින් සම්මානෙට වඩා ඒ ප්‍රේක්ෂක ආදරය හරි බරයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දකින්නේ අවුරුද්දක් පුරාවට යම්කිසි නිර්මාණයක නියැලෙමින් මහන්සි වෙලා කැප කිරීමෙන් කරන දෙයකට වටිනාකම් ලැබීම ආත්ම තෘප්තියක් හැටියටලු. ඉතින් ඇය මේ ගමන පටන් ගත්තා විතරයි නිසා ඒ වගේ තැනක දී ඇයට මේ වගේ සම්මානයක් ලැබීම හරියට වටිනවා කියලත් දුශේනි කියනවා.

ඒ වගේම මේ සම්මානය ඇය බලාපොරොත්තු නොවුණ දෙයක් නිසා නම කියවුණ වෙලාවේ ඇයව ගල් ගැහුණා වගේ වුණාලු. කොහොම නමුත් සරණි ඇතුළේ බන්ටිව ජීවමාන කරන එක හිතන තරම් ලේසි වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ සරණිට නිසා හොඳ වගේම බණින ප්‍රතිචාරත් අඩුවක් නැතිව ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි බන්ටිට වඩා සරණිට ගොඩක්ම ලැබෙන්නේ ආදරයලු.

ඒත් එක්කම සරණි සහ රෙහාන්ගේ මව අතර ගැටුම් විකාශය වීමත් සමග හිතුවේ නැති විදිහට ටෙලිනාට්‍යය ප්‍රසිද්ධ වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ දර්ශන විකාශය වීමත් එක්කම ගොඩක් ප්‍රේක්ෂකයෝ ඇයට කතා කරළා ඒ අයගේ පෞද්ගලික අත්දැකීම් ඇයට ලියලා එවලා තිබුණාලු. කොහොම නමුත් ඇය විවාහ වෙලා නැති නිසා ඇයට පෞද්ගලික ජීවිතේ අත්දැකීම් නැහැ කියලත් දුශේනි කියනවා. ඒ වගේම සමහරු කියන කතා දැක්කාම හැම ගෙදරකම නැන්දම්මා ලේලි ගැටුම පොදුයි කියලත් ඇයට හිතුණාලු.

ඒ වගේම කතාවේ හැටියට සරණි රෙහාන්ට බොරු කරනවා වගේම ඇයගේ ජීවිතේටත් බොරු කරපු අය මුණගැහිලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේ අය නම් මුණගැහෙන්න එපා කියලා ප්‍රාර්ථණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *