පාරදිගේ සරණි මගේ ජීවිතේම වෙනස් කළා, මම මල්කාන්ති අක්කට නාකි ගෑණි කිවුවට පස්සේ ඇයව බදාගෙන සොරි කිවුවා-දුෂේනි මියුරංගි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් පාරදිගේ සරනි සහ රෙහාන් කියන්නේ මේ දිනවල ටෙලි ප්‍රේක්ෂකයින්ට නම් අමතක කරන්නම බැරි යුවළක්.

ඒ වගේම ඇය පාරදිගේ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ ද්විත්ව චරිතයක්. කොහොම නමුත් මේ දවස්වල සරණිට ලැබෙන ප්‍රතිචාරය හිතාගන්න බැහැ කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම සරණිට හොඳ වගේම බණින ප්‍රතිචාරත් අඩුවක් නැතිව ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි බන්ටිට වඩා සරණිට ගොඩක්ම ලැබෙන්නේ ආදරය කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ටෙලි නාට්‍යය ඇතුළෙ නැන්දම්මා ලේලි ගැටුම නිර්මාණය කිරිමේදී අධ්‍යක්ෂකවරයා සහ පිටපත් රචක දේපළ ඇතුළු හැමෝමට එන්න ගත්තේ ලොකු අභියෝගයක් කියලත් ඇය කියනවා. මොකද ඒක සමාජය කොයි විදිහට භාරගනීවිද කියන ගැටලුව ඔවුන්ට තිබුන නිසා. ඒත් සරණි සහ රෙහාන්ගේ මව අතර ගැටුම් විකාශය වීමත් සමග හිතුවේ නැති විඳිහට ටෙලි නාට්‍යය ප්‍රසිද්ධ වුණා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇය විවාහ වෙලා නැති නිසා ඇයට පෞද්ගලික ජීවිතේ අත්දැකීම් නැහැ කියලත් ඇය කියනවා. ඒත් හැම තරුණියකගේම ජීවිතේ එක කාලෙකඳි මේ අත්දැකීම් බොහෝ දෙනා විඳලා තියෙන දෙයක් සහ විඳින්න වෙන දෙයක් කියලා ඇය හිතනවාලු. ඒ වගේම නැන්දම්මා ලේලි ගැටුම කොටස් ටික නොබලපු කෙනෙක් නැතිතරම් කියලයි දුෂේනි නම් කියන්නේ. ඒත් එක්කම නැන්දම්මා විදිහට රඟපාන මල්කාන්ති ජයසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනියගෙන් ලැබුණු සහය වචනයෙන් කියලා නිම කරන්න බැහැ කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇයට බණින දෙබස් කියන්න හරිම අමාරුයි කියලයි දුෂේනි නම් කියන්නේ. ඉතින් මල්කාන්ති අක්කම තමයිලු තව ටිකක් සැරට කියන්න වගේ වචන කියන්න කියලා කියන්නේ. ඒ වගේම මල්කාන්ති මහත්මියට ‘නාකි ගෑනි’ කියපු දෙබස කියන්න කලින් දුෂේනි ඇය ළඟට ගිහින් කීපවතාවක්ම ඇහුව්වාලු කිව්වාට කමක් නැද්ද කියලා. ඉතින් ඒක කියලා, ඉවර වෙලා ඇය මල්කාන්ති අක්කාව බදාගෙන සොරි කිව්වා කියලත් ඇය කියනවා.

ඒ වගේම බන්ටි කියන චරිතයට ඇය හරිම ආදරෙයි කියලයි දුෂේනි නම් කියන්නේ. හැබැයි ඇයගේ ජීවිතේට ගොඩක්ම සමීප සරණි කියන චරිතයලු. මොකද ඇය ඇත්ත ජීවිතේ සද්ධ බද්ධ නැති අහිංසක පාඩුවේ ඉන්න චරිතයක් නිසා. ඉතින් පාරදිගේ බන්ටි, සරණි ඇයගේ ජීවිතේම වෙනස් කළා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.