මගේ පෙම්වතා වෛද්‍යවරයෙක්, අපි විවාහ වෙලා විදෙස්ගත වෙන නිසා මම දැන් නිර්මාණ භාරගන්නේ නැහැ-දුෂී ප්‍රභා ඉලංගකෝන්
පුංචි තිරය ඔස්සේ විකාශය වුණු පිච්ච මල සුවඳයි ටෙලි නාට්‍යයේ නපුරු රෝහිණීගේ චරිතය හරහා බොහෝ දෙනෙක් හදුනාගත්ත දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දුෂී ප්‍රභා ඉලංගකෝන් කියලා කියන්නේ. ඉතින් ඒ චරිතය නිසාම බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්නට ඇයට සිදුවුනේ ඒ චරිතයට සාධාරණයක් කළ නිසාමයි. ඒ වගේම සිරස ‘තරු මංසල’ ඔස්සේ කලාවට පිවිසි ඇය පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාව ද ජයගනිමින් අද වනවිට ක්ෂේත්‍රය තුල දස්කම්වල හිණිපෙත්තේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ දිනවල සාර්ථක ලෙස රට පුරා වේදිකාගත වන ‘ඉල්ලන් කෑම’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වන රෝහිණී හරහා වේදිකාවට නව පණක් දෙන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් අපේ රටේ මේ වගේ වාතාවරණයක වේදිකා නාට්‍යකට මේතරම් ප්‍රතිචාර ලැබීම ගැන ඇත්තටම සතුටුයි කියලයි ඇය කියන්නේ. මොකද ඇය හිතුවෙත් නෑලු මේ තරම් ප්‍රතිචාරයක් ලැබේවි කියලා. ඒ වගේම ඇය පුංචි කාලෙ ඉඳන්ම වේදිකාවත් එක්ක නිතර ගැටුණු කෙනෙක් කියලත් දුෂී කියනවා. ඉතින් ඇය රාජ්‍ය ළමා හා යෞවන නාට්‍ය උලෙළ නියෝජනය කරලා තියෙනවා. ඊට පස්සෙ ජයසේකර අපෝන්සුගේ ගොඩක් ජනප්‍රිය වුණු තටු නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇය ඉදිරියේදී විවාහයත් එක්ක විදෙස්ගත වීමේ බලාපොරොත්තුවකින් ඉන්නවා කියලත් දුෂී කියනවා. ඉතින් ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණත් ඒ හේතුව නිසා භාරගත්තේ නැහැ කියලයි ඇය කියන්නේ. මොකද අතරමඟදි දාල යන්න බැරි නිසා. කොහොම නමුත් ඇයගේ පෙම්වතා වෛද්‍යවරයෙක් කියලත් ඇය කියනවා. ඔහු විදෙස් රටකලු සේවය කරන්නේ. ඒ නිසාම විවාහයත් එක්ක ඇයටත් විදෙස්ගත වෙන්න සිදුවේවි කියලයි දුෂීනම් කියන්නේ. ඒ වගේම මේ දෙන්නගේ හමුවීම සිද්ධ වුණේ නම් මවුපියන්ගේ මැදිහත් වීමෙන් ප්‍රපෝසල් එකකින් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.