මම රංගනයට ආවේ ඉංග්‍රීසි වේදිකාව හරහා, මම නළුවෙක් වගේම වෘත්තියෙන් නීතීඥවරයෙක්-එරාජ් ගුණවර්ධන
මේ දිනවලා රිදී තිරය ඔස්සේ තිරගත වන තාරුණ්‍යයේ ආදරය ආදරණීයව කියැවෙන තේමාවක් රැගත් යාළුවෝ ද? යාළුයි ද? ෆිල්ම් එකේ ප්‍රධාන පෙම්වතාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි එරාජ් ගුණවර්ධන කියලා කියන්නේ. ඒ වගේම ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් යාළුවෝ ද? යාළුයි ද? කියන්නේ ඔහු රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය කියලයි ඔහු කියන්නේ. මොකද මීට පෙර ඔහු රංගනයට ආවේ ඉංග්‍රීසි වේදිකාව හරහා. ඒ වගේම පාසලේදී ඉංග්‍රීසි අංශයෙන් ඔහු ඩ්‍රාමාවලට ඉදිරිපත් වෙලා තියෙනවා කියලත් එරාජ් කියනවා. තව ෂේක්ස්පියර් ඩ්‍රාමා තරගවලටත් ඔහු ඉදලා තියෙනවා. ඉතින් පාසලෙන් අයින් වුණාම ඔහු රුවන්ති ඩී. චිකේරා, ජෙරාම් ද සිල්වා, ජෙහාන් ඇලෝසියස් ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගෙ ඩ්‍රාමවල රඟපෑමේ අවස්ථා ලැබුණා කියලයි ඔහු කියන්නේ.

ඒ අතරතුර ජාත්‍යන්තර ටෙලිවිෂන් ඩ්‍රාමා සීරිස් එකක් වන ගුඩ් හොස්පිටල් එකේ රඟපාන්න වගේම තවත් විදේශීය ෆිල්ම් එකක රඟපෑමටත් ඔහුට අවස්ථාව ලැබුණත් කෝවිඩ් තිබුණු නිසා ඒ චාන්ස් එක මිස් වුණා කියලත් එරාජ් කියනවා. ඉතින් ඒ අතරේ නිරූපණ කටයුතු සහ ටී.වී. දැන්වීම්වලටත් ඔහු පෙනී සිටියා. ඒ වගේම දැනට ඔහුගේ අවධානය තියෙන්නෙ වෘත්තිය ජීවිතයට සහ කලාවේ වැඩවලට නිසා තවම ආදරයක් ගැන හිතලා නැහැ කියලයි ඔහු නම් කියන්නේ.

ඉතින් ආදරය කියන දේ කරද්දී දෙදෙනාට දෙදෙනා අතර හොඳ අවබෝධයක් සහ හඳුනා ගැනීමක් තිබීම ඉතා වැදගත් කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒ දෙන්නට දෙන්නගෙ වෙනස්කම් හඳුනාගෙන ජීවිතයේ, ඉදිරියට යාමේ දී සම්මුතියක් ඇති කර ගැනීම වැදගත් කියලයි ඔහු කියන්නේ. ඉතින් එතැන තමයිලු ආදරය තියෙන්නේ. ඒ වගේම ගොඩක් අය හිතන්නේ ඔහු ටිකක් ලොකුවට හිතාගෙන ඉන්න හිස උදුම්මවා ගත්ත කෙනෙක් කියලලු. ඉතින් ඔහු එහෙම කෙනෙක් නෙවෙයි කියලත් එරාජ් කියනවා. ඒ නිසාම ඔහුව හඳුනා ගත්ත කෙනෙක් ඔහුව අතාරින්නේ නැහැලු. ඉතින් ඔහු නිතරම හැමෝම එක්ක හොඳ යාළුවෙක් විදියට විහිළුවෙන් සැහැල්ලුවෙන් සිටින කෙනෙක් කියලයි විරාජ් අවසාන වශයෙන් පවසලා තිබුනේ.