Watapita

Just another WordPress site

රංගනයට ආරාධනා ආවත් රඟපාන්න දක්ෂයි කියලා මට හිතෙන්නේ නැහැ, ආදරේ කරන්න මම හොයන්නේ ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්-ෆැලන් ඇන්ඩ්‍රියා

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය ජයග්‍රහණය කරමින් කළා ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි ෆැලන් ඇන්ඩ්‍රියා කියලා කියන්නේ. ඒ වගේම දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය මේ දිනවල ඩ්‍රීම් ස්ටාර් සීසන් 11 හී නිවේදන ශිල්පිනිය ලෙසත් කටයුතු කරනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මීට කලින් ඇය වැඩසටහනක් මෙහෙයවලා නැති නිසා නිවේදනය කියන්නේ අලුත්ම අත්දැකීමක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය තරග කරපු වේදිකාව මතම අලුත් තරගකරුවන් තරඟ කරද්දී, එදා හිටිය විනිශ්චය මණ්ඩලය ඉදිරියේ, ඇයටත් වෝට් කරපු ප්‍රේක්ෂකයන් ඉදිරියේ වැඩසටහනක් මෙහෙයවන්න ලැබීම ඇයට ලැබුණු හොඳ අවස්ථාවක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් වැඩසටහනක් මෙහෙයවන එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය මේ කාලේ ඒ අත්දැකීමත් ගන්න ගමන් හරිම ආසාවෙන් නිවේදන කටයුතු කරගෙන යනවාලු.

ඒ වගේම ඇයට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා වුනත් ඇයට හිතන්නේ නැහැලු ඇය රංගනයට දක්ෂයි කියලා. මොකද නිවේදන කටයුතු කරන්න ගත්තම ඇයට තේරුම් ගියාලු ඒ ක්‍රියාව සාර්ථකව කරන්න එක එක වෘත්තීන්ට මොන තරම් දැනුමක් සහ අත්දැකීම් තියෙන්න ඕනේ ද කියලා. ඉතින් ඇය රංගනය තුළ දකින්නේ අතිවිශාල කාර්යභාරයක් කියලයි ෆැලන් කියන්නේ. ඒ නිසා ඇයගේ හිතේ රංගනයට පිවිසෙන්න ඕනේ කියන අදහසක් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරය කියන එක හැමෝම කියනවා වගේ විවිධාකාර විදියට ඕන කරන දෙයක්. ඉතින් මවුපියන්ගෙන් සහෝදරයන්ගෙන් සහ මිතුරන්ගෙන් වගේම දැන් ඇය කලාකරුවෙක් විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ විවිධාකාරයෙන් ලබනවා කියලයි ඇය කියන්නේ. ඒ හැර ලයිෆ් පාට්නර් කෙනෙක්ගෙන් ආදරේ ඇයට ඕන කරන නිසා මේ හැමදේම ඇය දකින්නේ ජීවිතේට ඕන කරන ඉතාම අත්‍යවශ්‍ය දෙයක් විදිහටලු.

කොහොම නමුත් ඇය හිතන විදිහට සංගීත ක්ෂේත්‍රයට වඩා වෙනස් ක්ෂේත්‍රයකින් ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගන්න එක හොඳයි කියලත් ෆැලන් කියනවා. ඉතින් ලයිෆ් ස්ටයිල් දෙක එක වගේ වුණාම සමහර වෙලාවට සමහර දේවල් මඟ හැරෙන්න පුළුවන් නිසා ලයිෆ් එක කියන දේ සමබරව පවත්වාගෙන යන්න පුළුවන් විරුද්ධ ක්ෂේත්‍ර දෙකකට කියලයි ඇය කියන්නේ. ඒ නිසා කළා ක්ෂේත්‍රයේ කෙනෙක්වම තෝරා ගන්න කැමැත්තක් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *