කළා ක්ෂේත්‍රය තුල පිවිතුරු ගනුදෙනු අඩුයි, නමුත් මම නම රැකගෙන බොලිවුඩ් චිත්‍රපට වලටත් රංගනයෙන් දායක වුණා-ගම්‍යා විජයදාස
අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගම්‍යා විජයදාස කියලා කියන්නේ. ඒ වගේම 2009 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනිය වන්නේද ඇයයි. ඒත් එක්කම ඇය එම වසරේම දෙසැම්බර් 12 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හී පැවති ලෝක රූ රැජන තරගය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නටද වාසනාවන්ත වෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකා රූ රැජනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස්ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට සමත් වූ ලාංකික රූ රැජන වූයේද ඇය වීම විශේෂයි. ඒ වගේම 2012 වසරේ තිරගත වූ Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රංගනයෙන් එක් වෙලා තියෙනවා.

ඒත් එක්කම මේ වෙද්දී ඇය රංගනයෙන් දායක වූ තවත් සිනමාපටයක් ඉන්දියාවේ Disney Hotstar හි තිරගත වෙනවා. ඒ wrong way චිත්‍රපටයයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ පළමු ටෙලි වෘතාන්තය ගොඩක් දුරට මේ මාසේ තිරගත වීම ආරම්භ වෙයි කියලයි ඇය කියන්නේ. ඒ චරිත් අබේසිංහගේ චණ්ඩි කුමාරිහාමි. එහි ප්‍රධාන චරිතවලින් එකක් වන හීන් මැණිකේගේ චරිතය තමයි ඇය රඟපාන්නේ.

ඒත් එක්කම ළඟදීම අරුණ ජයවර්ධනගේ ‘1970 ලව්ස්ටෝරි’ චිත්‍රපටය තුලින් ඇයව දකින්න ලැබෙයි කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇය ලංකාවේ කරපු පළමුවැනි චිත්‍රපටය නිසා ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් කාන්තාවක් වීම නිසා සහ ජීවිතේ සහ ආදරේ කියන දෙකම අනපේක්ෂිත නිසා ඇය පෞද්ගලිකව ඇයගේ ආදරේ ගැන කතා කරන්නේ ඇය විවාහ වුණු දවසක කියලත් ඇය කියනවා.

ඒ වගේම හමුවෙන හැම කෙනාටම ආදරේ දැක්වීම කියන දේ ඉතාම පිවිතුරු දෙයක් කියලයි ඇය නම් කියන්නේ. ඉතින් ආදරේ කියන්නේ මනුෂ්‍යත්වයේ පදනම කියලත් ඇය කියනවා. ඒ නිසා ඒක නැති තැන තමයිලු ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. ඉතින් ඇය ආදරේට ගොඩක් ආදරේ කෙනෙක් නිසා ආදරේට දීලා තියෙන ඉඩ ගොඩක් ලොකුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.