Watapita

Just another WordPress site

හිසේ සිට දෙපතුල දක්වාම වහගෙන ඉන්න එක නෙවෙයි සංස්කෘතිය, නග්න කියන්නේ කුණුහරපයක් නෙමෙයි කලාවක්-ගයත්‍රී ජයමාන්න

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි ගයත්‍රී ජයමාන්න කියලා කියන්නේ. ඒ වගේම ඇය ලංකාවෙ නග්න නිරූපණ කලාවේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන් කතා බහට ලක්වූ ඇය ගැන මේ දවස් වල නැවත කතා බහට ලක් වෙන්නේ ලඟදි එළිදැක්වුණු ඇයගේ අලුත්ම ෆොටෝ ෂූට් එක නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් අලුත් වැඩේ ඇත්තටම සාර්ථකයි කියලයි ඇය කියන්නේ. මොකද මේක ඇයගේම නිර්මාණයක් නිසා. ඒත් එක්කම තමන්ගේම දෙයක් කරලා එළියට දාන්න පුළුවන් වීම ගැන තියෙන්නේ ලොකු සතුටක් කියලත් ඇය කියනවා. කොහොමත් ඇය වැඩිය දඟලන කෙනෙක් නෙමෙයි නිසා හරි දෙයක් කරලා එළියට දාන එකලු ඇයගේ බලාපොරොත්තුව. ඒ වගේම ලංකාවේ නිරූපණ කලාව තුළ වෘත්තිමය වශයෙන් වැඩ කරන පිරිස යම් මට්ටමක හිටියත් බහුතරයක් නියෝජනය වෙන්නේ වෘත්තිමය භාවයක් නැතුව කියලයි ගයත්‍රී නම් කියන්නේ. ඉතින් නිරූපණ ක්ෂේත්‍රය තුළ පමණක් නෙමෙයි, ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ඉහළට යන්න වෘත්තියමය භාවය කියන දේ ඉතාමත් වැදගත් නිසා ඒ ගැන තියෙන්නේ ලොකු කනගාටුවක් කියලත් ඇය කියනවා.

ඒ වගේම සංස්කෘතිය කියන දේ පෙරමුණු කරගත්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඇය විශ්වාස කරන දෙයක් තමයිලු සංස්කෘතිය කියන දේ හදාගෙන තියෙන්නෙ මිනිසා විසින් නිසා හිසේ සිට දෙපතුළ දක්වා ඇඳුමකින් වහගෙන ඉන්නවා කියන එක සංස්කෘතිය නෙමෙයි කියලයි ඇය නම් කියන්නේ. මොකද සංස්කෘතිය ඇතුලේ ප්‍රධානම සාධකය වෙන්න ඕනේ මානුෂීය ගතිගුණ කියලත් ඇය කියනවා. ඒක නිසා නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්නව නම් තමන් අඳින විදිහ නෙමේලු වැදගත් වෙන්නේ. තමන් කරන දෙයට දෙන දායකත්වය කොපමණද කියන එක වගේම තමන් තමන්ගේ වෘත්තියට කොපමණ ආදරය කරනව ද කියන එක තමයි ප්‍රධානතම සාධකය වෙන්නේ.

ඒ වගේම ලංකාවේ නිරූපණ කලාව ගත්තොත් කැටගරීස් ගොඩක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ අතරින් නිවුඩ් කියන්නේ නග්න නිරූපණ කලාවට. ඉතින් ඇය තාම ලංකාවේ දකින්නෙ නැහැලු පොෆෙෂනල් මට්ටමේ නිවුඩ් ලෙවල් එකක් ෆිමෙල්, මේල් දෙපැත්තෙන්ම. ඒ වගේම නග්න නිරූපණ කලාව කියන්නේ මොකක්ද කියලා කවුරුවත් හඳුනාගෙන නැහැ කියලත් ඇය කියනවා. ගොඩක් අය දන්නෙ නැහැලු තමන් මොකක්ද කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා තමන්ව අඳුනගෙන නිර්මාණ තමන් විසින්ම බිහි කිරීම තමයි විය යුත්තේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *