මගේ රංගනය නිසාම මට ආපු විවේචනවලට මුහුණ දෙන එක මට ලෙහෙසි වුනේ නැහැ, ළඟදීම මම මගේම වැඩක් කරනවා-ගයේෂා පෙරේරා
ලාංකීය සමාජය තුල අතිශය කතා බහක් ඇති කල ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් වන වාසනාගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් සමාජ මාධ්‍ය තුල කා අතරත් කතා බහට ලක්වෙන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි ගයේෂා පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම රිදී තිරය තුළ මෙන්ම පුංචි තිරය තුළද රංගන කෞශල්‍යය විදහා පාන ඇය නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඒත් එක්කම ජනප්‍රිය චිත්‍රපට තුනකට සහ නිම්වළල්ල, කිදුරංගනා, දූලි පින්තාරු වැනි ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වුන ඇයගේ ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය පසුගිය 9 වැනිදා ඉඳන් ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත දිගහැරෙනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයේ වාසනා ගැන ඇය කතා කරපු කාලය දැන් අවසන් කියලයි ගයේෂා නම් කියන්නේ. මොකද දැන් වාසනා ගැන චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයින් කතා කරන කාලය ඇවිත් නිසා. ඒ වගේම මෙම චිත්‍රපටයේ ඇයගේ චරිතය සමාජ මාධ්‍ය තුළ නින්දිත විධියට ගැරහුමට ලක් වුණා. ඉතින් ඒක ඇයට ඉතා අසීරු කාර්යයක් වුණා කියලයි ගයේෂා කියන්නේ. ඒ වගේම ඉස්සර ප්‍රවීණ නළු, නිළියන් චිත්‍රපට කරද්දී සමාජ මාධ්‍ය දියුණු නැති වුනත් දැන් පොඩි දෙයක් වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මනින් ප්‍රචාරය වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඒ වෙලාවේ විවේචනවලට මුහුණ දෙන එක පහසු වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇය හැම වෙලාවෙම හිතන්න උත්සාහ කළේ මේක නිර්මාණයක් පමණයි යන වගලු. නමුත් ගොඩක් වෙලාවට මේ විධියට ගැරහුමට ලක් කළේ සමාජ මාධ්‍ය කියලත් ඇය කියනවා.

ඒ වගේම අද වන විට ජාත්‍යන්තර සිනමාව විශාල වශයෙන් දියුණු වෙලා තිබෙන නිසා ඒ තැනට යන්න පුළුවන් දක්ෂයෝ ඕන තරම් ලංකාවේ ඉන්නවා කියලයි ඇය කියන්නේ. නමුත් රට සමෘද්ධිමත් නැතිකමින් කලාව විතරක් නෙවෙයි හැම දේම අඩාල වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දැන් ඇයගේම සිනමා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.