Watapita

Just another WordPress site

ලංකාවේ මිනිස්සු මොනවා කිවුවත් මම දැන් අවුරුදු 5ක් පවුලේ අයත් එක්ක සතුටින් ඇමරිකාවේ ජීවත් වෙනවා-ගයේෂා පෙරේරා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ආන්දෝලනාත්මක චරිතවලට රංගනයෙන් දායක වෙමින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගයේෂා පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් ඇය දැන් පදිංචි වෙලා ඉන්නේ ආදරණීය සැමියා සහ පුතා එක්ක ඇමරිකාවේ. ඉතින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය මේ වෙද්දී ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරනවා. කොහොම නමුත් ඇය රංගනයෙන් දායක වුණු ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය පසුගිය දිනවල තිරගත වුණා. ඒ වගේම ඇය එහි නිරූපණය කරන්නේ වාසනා නමැති තරුණියගේ චරිතය. ඉතින් ඒ නිසාම ලැබුණු ප්‍රතිචාර ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඇයගේ පවුල එක්ක ඇමරිකාවේ ජීවත් වෙන නිසා තමන්ගේ පවුල එක්ක කොහේ හිටියත් ඒ ජීවිතය සුන්දරයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය අවුරුදු ගාණනකට පස්සේ හරි තිරගත වීම ලොකු ජයග්‍රණයක් කියලත් ඇය කියනවා. මොකද අවසානයේ හරි දේ ජනගත කරන්න දැරූ උත්සාහය සාර්ථක වුණ නිසා. ඉතින් දැන් ලැබෙන ප්‍රතිචාර නම් එමටයි කියලත් ඇය කියනවා. ඒ නිසාම දවස පුරාම චිත්‍රපටය බලපු අයගෙන් මුහුණුපොත හරහා පැසසුම් ලැබෙනවා කියලයි ගයේෂා කියන්නේ.

කොහොම නමුත් චෝදනා එන්නේ මනස අවුල් වුණු මානසිකත්වයෙන් බව මනස උසස් දියුණු රටක ජීවත් වෙන නිසා ඇයට ගොඩක් ඒක දැන් තේරෙනවා කියලත් ගයේෂා කියනවා. ඉතින් දැන් ඉන්න තරුණ පරපුරේ මනස උසස් මට්ටමක තියෙන නිසා ඒ ගැන සතුටුයි වගේම නිර්මාණයක් යනු නිර්මාණයක් ම පමණක් බව හැමෝටම හඟවා අවසන් කියලයි ගයේෂා නම් කියන්නේ.

ඒ වගේම ඇය ව්‍යාපාරයක් විදිහට දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කරගෙන යනවා. ඉතින් ඇමරිකාව වැනි රටක ඇයගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම විශාල ජයග්‍රහණයක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ ආදරණීය සැමියා හසන්ජිත් කියන්නේ පුදුම සංවේදී කෙනෙක් කියලයි ඇය කියන්නේ. පුළුවන් හැම අවස්ථාවකදීම ඔහු මිනිස්සුන්ට උදවු උපකාර කරන්න උනන්දුවක් දක්වන කෙනෙක්ලු. ඉතින් එයා වගේ කෙනෙක් ලැබීම ගැන සතුටුයි කියලත් ගයේෂා කියනවා. ඒ වගේම ඇය දැන් අවුරුදු පහක් ඇමෙරිකාවේ ජීවත් වුනත් ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඇයට කොහේ හිටියත් ආදරෙයි කියලයි ගයේෂා අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *