Watapita

Just another WordPress site

මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය ආකල්පමය වශයෙන් රට ගොඩදාන්න පුළුවන් මොළ බහුතරක් බිහිවේවා කියන ඒකයි-ගීත් මධුසංඛ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙක් තමයි ගීත් මධුසංඛ තල්ගහගොඩ කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන වගේම මෙදා පාර අලුත් අවුරුද්ද ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මෙදා පාර අවුරුදු සරුයි කියලා හිතනවා කියලයි ඔහු කියන්නේ. මොකද ඔහු පොඩි කාලේ හීන දැක්කා බොහොමයක් දේවල් මේ වෙද්දි ඔහුගේ ජීවිතේට සමීප වෙලා තියෙන නිසා.

ඒ වගේම පුංචි කාලේ ඉඳලාම ඔහු ස්ටාර් කෙනෙක් වෙන්න හින දැක්ක කෙනෙක් කියලත් ගීත් කියනවා. ඉතින් ඒ හීනයට ඔහු හරියට ආදරේ කළා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු කලාවට පිවිසෙන්නේ අවුරුදු 06 දී වගේ පුංචි වයසකදි. ඒ හපන් පැදුරු වැඩසටහනින්. ඉතින් ළමා ගායකයෙක් විදිහට කලාවට එන ඔහුට ප්‍රවීණයින්ගේ සහාය, දැනුම ලබා ගන්න අවස්ථාව ලැබුණා කියලත් ඔහු කියනවා. ඒත් එක්කම මෙතෙක් ආ ගමන ගමන ලේසි පහසු නැහැ වගේම හමුවන මිනිස්සු අතර අත දීපූ වගේම වට්ටපු නැගිට්ටපු බොහෝ දෙනා හිටියා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහුට නිවේදකයෙක් වෙන්න කලින් ගායකයෙක් විදිහට හොඳ බේස් එකක් තිබුණා කියලත් ගීත් කියනවා. ඉතින් ගායන දක්ෂතාව එක්ක ඔහුට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් තමයි නිවේදනය කියන්නේ. කොහොම නමුත් එක්තරා මොහොතක සිරස නාලිකාවේ නිවේදකයෙක් ලෙස සම්බන්ධ වෙන්න ඔහුට අවස්ථාව ලැබෙනවා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම. ඉතින් ද වොයිස් තරගාවලියට සහභාගි වෙන්න ගත් තීරණය ඔහු ජීවිතේ ගත් හොඳ තීරණයක් කියලත් ගීත් කියන්නේ.

ඒ වගේම ඔහු මුලින්ම දායක වුණු නිර්මාණය තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කළ මුතුකුඩ ටෙලි නාට්‍යය. ඊට පස්සේ තුෂාර තෙන්නකෝන් මහතාගේ රාවණා, සහ හර්ෂ උඩකන්ද ගේ ‘ලොක්කි’ නිර්මාණවලටත් ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අලුත් නිර්මාණයකින් ඔහුව දැකගන්න පුළුවන් වේවි කියලත් ගීත් කියනවා. ඒ වගේම මේ ලබන අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒවා එකින් එක ඉෂ්ට කරගෙන යන ගමනක්ලු මේක. කොහොම නමුත් අලුත් අවුරුද්දේ ඔහුගේ ප්‍රාර්ථනය ආකල්පමය වශයෙන් එකා වගේ හිතලා රට ගොඩදාන්න පුළුවන් විදිහේ මොළ බහුතරයක් රට තුළ ගොඩ නැගේවා කියන එක කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *