Watapita

Just another WordPress site

මම ආදරේ කරන්න හරිම බයයි, ආදරේ කරලා හැමදාම ලැබුනේ දුක විතරක් නිසා තනිකඩ ජීවිතේ සැපයි-ගීතිකා රාජපක්ෂ

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනපිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් පුංචි තිරය තුළින් නිතරම ප්‍රේක්ෂකයින් හමුවට ආවත් දැන් සිනමාවට හරිම ආසයි සහ ආදරෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම චරිතයක් තෝරා ගද්දි ඉස්සර නම් ගොඩක් දේවල් බැලුවා කියලත් ඇය කියනවා. හැබැයි දැන් ඇය වෘත්තිය මට්ටමෙන් රංගනය කරද්දී ලොකුවට දේවල් හොයන්න අමාරුයි කියලයි ගීතිකා කියන්නේ.

ඒ වගේම එක දිගටම එකම විදියේ චරිත කරන්න කැමති නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් පහුගිය ටිකේම ඇයට ලැබුණේ එකම විදියේ ගැමි චරිතලු. ඒ වගේම කාලයක් ඇය ගැමි චරිතයක් කරන්න ආසාවෙන් හිටියත් දැන් ඇති වෙන්න ගැමි චරිත ලැබුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය හාස්‍ය මතුවන චරිතවලට වැඩිය කැමති නැහැලු. ඒ වගේම ඇය මෙතෙක් කරලා නැත්තේ රජ කාලේ නිර්මාණ පමණයි කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇය ආසාවෙන් ඉන්නවාලු එවැනි නිර්මාණයක් කරන්න.

ඒ වගේම ඇය දැන් පෙම්වතියක් නෙවෙයි කියලත් ගීතිකා කියනවා. මොකද ආදරේට ඇය හරිම බය නිසා. ඒ වගේම ඇය ආදරේට ගොඩක් ආදරණීය කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ආදරේදී ඇය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවාලු. ඉතින් ඒ දේවල් බිඳෙන කොට ඇයගේ හිතත් බිඳෙන නිසා ඇය හරි කැමතියිලු තනියම ඉන්න. මොකද හැම බැඳීමක් ම හරිම වේදනාවක් නිසා.

ඒ වගේම බැඳෙන හැම බැඳීමක් තුළම ඇයට දැනුණේ ලොකු දුකක් කියලයි ඇය කියන්නේ. ඉතින් බැඳීම් අඩු වෙද්දී ඇයට දුක් වෙන්න හේතුවක් නැති නිසාම දුක් වෙන්න හේතු හදාගන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *