මම රඟපාන්න දන්නෙම නැහැ, ඒ නිසා නිලියක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ-සුරූපී නිලි ගීත්මා බණ්ඩාර
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය ඔස්සේ නවක යොවුන් රංගන ශිල්පිනියක් ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගෙන ඉන්න ඇය මේ දිනවල සංගීතේ ටෙලි නාට්‍යයේ අසේනිගේ චරිතය අපට දැකගන්න ලැබෙනවා. ඒ වගේම පහුගිය කාලයේ විකාශනය අවසන් වුනු ඇස් ටෙලිනාට්‍යයේ සංවරීගේ චරිතය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම ඇය අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනකොට ඊට පස්සේ අනාගතයක් ගැන ඇයගේ විශේෂ බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ කියලයි ගීත්මා නම් කියන්නේ. ඉතින් ඒ කාලේ නිරූපන ක්ෂේත්‍රයට කැමැත්තක් තිබුණෙත් නැහැ කියලත් ඇය කියනවා. ඒ නිසාම නිළියක් වෙන්න හීනෙකින්වත් ඇය හිතුවේ නැහැලු. ඒ වගේම ඇය රඟපාන්න දැනගෙන හිටියෙත් නැති නිසා ඇයට ඕනැ වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්න කියලයි ඇය නම් කියන්නේ. ඒත් අවුරුදු කුමරිය ඇයගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරේ කියන්නේ හැමෝම ලබා ගන්න කැමති මානුෂීය හැඟීමකට කියලයි ඇය නම් කියන්නේ. ඒත් බොහෝ දෙනා ආදරේ දකින්නේ මමත්වයෙන් අනෙකා සීමා කිරීමට ඇති අයිතියක් විදියට වුනත් ඇය දකින විදියට නිදහස, ආදරය, රැකවරණය, අවබෝධය ඇතිව බෙදාගන්න ආදරේ හරි සුන්දරයි කියලත් ගීත්මා කියනවා. ඒ වගේම ඇයගේ ආදර කතාවට දැන් වසර කීපයක්ම ගෙවිලා නිසා ඇය මේ දවස්වල ඒ ආදරේ විඳිමින් ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඔවුන් මුණ ගැහෙන්නේ මිට අවුරුදු 2කට කලින් ඒක අහඹු සිදුවීමකින් නිසා කාලයක් හොඳම යාළුවො විදිහට හිටියත් ආදර කතාවක් ඇරඹෙයි කියලා ඇය හිතුවේ නැහැලු. ඒ වගේම ඔවුන් දෙන්නා ක්ෂේත්‍ර දෙකක වුනත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ඔවුන් දෙන්නා අදහස්වලින් එක තැනකට ආවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ ජීවිතේට හරිම කෙනා ලැබුණා කියලායි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.