Watapita

Just another WordPress site

ළඟදීම මම ලංකාව දාලා විදෙස් ගත වෙනවා, මොකද මගේ සැමියා ඉන්නේ වෙන රටක නිසා- හර්ෂි අංජුමාලා

දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන වේදිකාවේ ජනප්‍රියම පුංචි තරුව වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ සුරූපී කළා ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියලා කියන්නේ. ඒ වගේම ඇය සිඳූ ටෙලි නිර්මාණය හරහා පුංචි තිරයට පිවිස මේ වනවිට රිදී තිරය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන්න සුදානමින් ඉන්නවා. ඉතින් ඇය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ සිනමා සිත්තමේ අභියෝගාත්මක රංගනයක යෙදුනා. ඒ වගේම මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන රාජිනි ටෙලි නාට්‍ය හරහාත් ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව සම්බන්ධ කරගෙන තිබුණා.

ඉතින් 2023 අප්‍රේල් අන්තිම වෙද්දි සහෝ මෙරට ප්‍රදර්ශනය ආරම්භ වේවි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ වන විටත් සහෝ චිත්‍රපටය විදෙස් සම්මාන උලෙළ නියෝජනය කරලා සම්මාන රැසක් හිමිකරගෙන තිබීම ලොකු සතුටක් වගේම ආඩම්බරයක් කියලත් ඇය කියනවා. ඉතින් සහෝ දැනටමත් විදෙස් ඇගයීමට ලක්වෙලා හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් හිමිකරගෙන තියෙනවා. ඒ වගේම සහෝ කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක් වගේම මෙහි කතාව ගොඩනැඟෙන්නේ යාළුවන් 4 දෙනෙක් වටා. ඉතින් ඇය රංගනයෙන් දායක වෙන්නේ හිරූ කියන චරිතයට.

ඒ වගේම මෙම නිර්මාණය විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපට නිතර අහන්න, දකින්න ලැබෙන චරිත වටා ගෙතුණු ආදර කතා, අරගල, දුක සතුට මුසුවුණු ලස්සන සිදුවීම් සමූදායක් එක්ක හරි ලස්සනට ගලා ගෙන යන කතාවක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය ඉදිරියේදී විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ටික කාලෙකට මහත්තයා ළඟට යන්නලු හිතාගෙන ඉන්නේ. කොහොම නමුත් ඊට කලින් පොඩි විවේකයක් ගන්නත් අදහසක් තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ කාලයේ රංගනය ගැන තවදුරටත් හදාරන්නලු අදහස. මොකද එතකොට නැවත එද්දි තවත් වටිනාකම වැඩිවෙන නිසා. හැබැයි කවදාවත් ඇය රංගනය අතාරින්නෙ නෑ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම රාජිනී කියන්නේ ඇයට ලොකු ප්‍රේක්ෂක පිරිසක් හැදුනු නිර්මාණයක් වගේම ඒක ඇයට හොඳ ආරම්භයක් වුණා කියලත් හර්ෂි කියනවා. ඉතින් තව පොඩි කාලයක් තියෙන නිසා හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් භාරගන්න සූදානම් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *