අපි අවුරුදු ගානක් රටවල් දෙකක ඉඳලා ෆෝන් එකෙන් ආදරය කරලයි අන්තිමට විවාහ වුනේ-හර්ෂි අංජුමාලා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන රාජිනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියලා කියන්නේ. ඒ වගේම ඇය කළා ක්ෂේත්‍රයට පිවිස්සෙන්නේ රියැලිටි වැඩසටහනක් හරහා නර්ථන ශිල්පිනියක් ලෙසටයි. ඉතින් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ නර්ථන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක් ද වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පුංචි කාලේ නර්තනයට දක්ෂ නිසා ඇයගේ අම්මටයි ඇයගේ ලොකු අක්කටයි කවදා හරි දවසක ඇයව නර්තනය පැත්තෙන් ඉස්සරහට ගේන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්කම තමයිලු ඇය 2008 අවුරුද්දෙ ‘ලිට්ල් ස්ටාර්’ තරගයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම නොතේරෙන වයසකදි වුණත් පොඩි කාලෙදිම තරගයකට මුහුණ දෙන විදිහ, බාධකවලට මුහුණ දෙන විදිහ, ජයග්‍රහණයන් පරාජයන්ට මුහුණ දෙන විදිහ ගැන අත්දැකීම් ලබන්න ඒ නිසා පුළුවන් වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ තරගාවලියෙදි ඇයට ජනප්‍රියම තරුව අංශයේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණා.

ඒ වගේම ඇය රූපවාහිනියෙන් නර්තනයේ යෙදෙනවා දැකලා තිබුණට ඇයට රඟපාන්න පුළුවන් කියලා මුලින්ම දැනගත්තෙත් ඇයගේ අම්මා කියලයි හර්ෂි නම් කියන්නේ. ඉතින් ඇය මුලින්ම සිරස රූපවාහිනියේ විකාශය වුණු විදර්ශනා කියන පොහොය දින ඒකාංගික ටෙලිනාට්‍යයක රඟපෑවා. ඉතින් එතකොට ඇය පොඩි වුනත් රංගනය ගැන ඇයට හොඳින්ම දැනෙන්න ගත්තෙ ‘සිඳූ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ කියලත් ඇය කියනවා. ඒ වගේම එතකොට ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.

කොහොම නමුත් ඇය දැන් ආදරණීය බිරිඳක් බව අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඇයගේ සැමියා තමයි අම්ජු ප්‍රනාන්දු. මේ වෙද්දිනම් ඔහු ඉන්නෙ විදෙස්ගත වෙලා. ඉතින් ඔවුන් කාලයක්ම ආදරය කළේ දුරකතන මාර්ගයෙන් කියලයි හර්ෂි නම් කියන්නේ. මොකද වැඩිදුර අධ්‍යාපනයට ඔහු විදෙස්ගත වෙලා හිටපූ නිසා. කොහොම හරි 2021 අවුරුද්දේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ගන්න හිතාගෙන හිටියත් වසංගත ප්‍රශ්නත් එක්ක ඔහුට එන්න අමාරු වුන නිසා ඔවුන්ගේ විවාහය ටික කාලයකට කල් ගිහින් තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් රටවල් දෙකක ඉඳන් ආදරය කරලා ඔවුන් දෙන්නට ලස්සන උත්සවයක් අරගෙන විවාහ වෙන්න ලැබීම ලොකු සතුටක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.