Watapita

Just another WordPress site

අපි යාළුවෙලා අවුරුද්දෙන් විවාහ වුණා, ඔහුගේ පෞර්ෂයට තමයි මම කැමති, තව මාස 3කින් මම ලංකාවෙන් යනවා-හර්ෂි රසාංගා

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනිය, නර්ථන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම පහුගිය දවසක නැගී එන නිළිය සම්මානය දිනා ගැනීමටත් ඇය වාසනාවන්ත වුණා. ඉතින් තවම වයසින් අඩු වුනත් මේ වෙද්දී විවාහ වෙලා අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වෙන්න ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයගේ ගායන හැකියාව පැත්තෙන් දෙයක් කරන්න ඕන කියලා ඇයට හිතුන නිසා ‘ආදරය සොඳුරු’ කියලා ගීතයක් කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එම ගීතය මේ වෙද්දී රිලීස් කරලා තියෙනවා. ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ගායනයට කැමැත්තෙන් හිටියා කියලත් ඇය කියනවා. ඒ වගේම රංගනය කියන්නේ ඇයට දෙයියෝ දුන්න තෑග්ගක් වගේ කියලයි හර්ෂි නම් කියන්නේ. කොහොම නමුත් ලංකාවෙන් යන්න ඉන්න නිසා ඇයට ඉදිරියේදී රංගනයට වෙන් කරන්න කාලය නැති වුනත් ගායන කටයුතු ඇයට කොහේ හිටියත් කරගෙන යන්න පුළුවන් නිසා ඇය චූටි කාලේ ඉඳන් කැමැත්තෙන් හිටිය දේ කරන්න කාලය හරි කියලා හිතුණා කියලත් හර්ෂි කියනවා.

ඒ වගේම ඇය තව මාස තුනකින් ලංකාවෙන් යනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ඇයගේ සැමියා ඉන්න කටාර්වලට තමයිලු යන්න ඉන්නේ. ඒ වගේම ඇය ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරන ගමන් ගායන කටයුතුවලට කාලය වෙන් කරන්න හිතාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය ඇයගේ ආදරණීය සැමියා වන මහේන් එක්ක ආදර සම්බන්ධය පටන් අරන් අවුරුද්දකින් වගේ තමයිලු විවාහ වුණේ. ඉතින් සම්බන්ධය ඇති වෙලා මාස හතකින් විතර විවාහ වෙන්න තීරණය කලා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම මහේන්ගේ පෞර්ෂයට ඇය ගොඩක් කැමැතියිලු. ඉතින් ඇයට මහේන්ව හම්බුණේ ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන් මේ දෙන්නට දෙන්නා ගැන පුරුදු හඟීමක් තිබ්බා කියලත් හර්ෂි කියනවා. ඒත් එක්ක ඇයට හිතෙනවාලු ඇයට හොඳම කෙනා තෝරගන්න මේ ලැබුණ කාලය ඇති කියලා.

ඒ වගේම ඇය දැන් අවුරුදු එකොළහක් රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඉතින් ඇය කළේ ගොඩක් අහිංසක චරිත නිසා ඇයගේ පෙනුම තිබ්බේ ඒ චරිතවලට අවශ්‍ය විදිහට කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ෆැෂන් කරන්න ගොඩක් ආස නිසා කොණ්ඩේ කපන්නත් ආසාවෙන් හිටියා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් මහේන් ඇය ආස දේවල් කරන්න ඉඩ දෙනවා වගේම දැන් රංගන කටයුතු කරන්නෙත් නැති නිසා ඇයට කොණ්ඩේ කපන්න තිබ්බ කැමැත්තත් ඉෂ්ට කරගන්න පුළුවන් වුණා කියලයි හර්ෂි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *