මම ලංකාව දාලා යන්නේ ආපහු එන්න හිතාගෙන නෙවෙයි, රංගනයෙන් ඉවත් වුනාට මම ඉදිරියේදී සිංදු කියනවා-හර්ෂි රසාංගා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම වසර දහයක් පමණ ක්ෂේත්‍රයේ රැඳී සිටින ඇය මෙවර සුමති සම්මාන උළෙලේ හොඳ නැඟී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීමට වාසනාවන්ත වුණා. කොහොම නමුත් ඇය යුග දිවියට පා තැබීමත් සමඟ රංගනයට සමුදීමට සූදානම් වන බවට කතාවක් පැතිරෙන නිසාම ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය නැඟී එන නිළියට නිර්දේශ වුණු පළමු අවස්ථාව වගේම ක්ෂේත්‍රය තුළ ඇයට ලැබුණු පළමු සම්මානයත් මේක කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සුමති සම්මානය ලැබුණෙ ‘තාදි’ ටෙලිනාට්‍ය වෙනුවෙන්. කොහොම නමුත් ඇය දැන් විවාහ වෙලා ඉන්න බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ප්‍රේමය හරිම සුන්දරයි කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇයට මෙතෙක් කල් ලැබුණෙ පවුලෙ අයගේ ආදරය සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරය වුනත් දැන් ඒ ආදරයත් එක්කම ඇයට සැමියකුගේ ආදරය ලැබෙන නිසා ඒ ගැන ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය රංගනයට සමුදෙන්න හිතුවේ මීට වසර එකහමාරකට පමණ කලින් කියලයි හර්ෂි නම් කියන්නේ. මොකද ඇය සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙන්න හිතාගෙන හිටිය නිසා. ඉතින් ඒ කාලෙදි ඇයට ‘ළංවී’ ටෙලිනාට්‍යයේ ස්ක්‍රිප්ට් රයිටර් කිව්වාලු රට යන්න එපා මේ ඩ්‍රාමා එක කරලම යන්න කියලා. ඉතින් දැන් ඒ ඩ්‍රාමා එක ඉවර නිසා ඇය විදෙස් ගත වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම යළි ලංකාවට නොඑන්න හිතාගෙනතමයිලු ඇය රට යන්නේ. නමුත් ආපහු ලංකාවට නොඑන්නේම නැහැලු. මොකද ඇයගෙ මවුපියෝ, නෑදෑයෝ සහ යාළුවෝ හැමෝම ඉන්නේ ලංකාවෙ නිසා. නමුත් ලංකාවට ඇවිත් ක්ෂේත්‍රයේ වැඩ කරන්න තරම් කාලයක් ඇය ලංකාවෙ ඉන්න එකක් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය වසර 10ක් පමණ ක්ෂේත්‍රයේ ඉන්න නිසා ඒ කාලය තුළ ඇය අද ඉන්න තැන දිහා බලනකොට ඒක දෙවියෝ දීපු තෑග්ගක් වගේ කියලයි ඇය කියන්නේ. ඉතින් මුළු ලංකාවම ඇයව දන්නෙ නැති වුනත් සමාජයට ගියහම මිනිස්සු දහයක් හිටියොත් එතැනින් තුන් දෙනෙක් හරි ඇයව දන්නවාලු. ඉතින් ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය රංගනයෙන් ඉවත් වුනත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඇයගේ ගීත අහන්න පුළුවන් වෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.